මං ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙකුට උගන්වන්න කැමති



වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය නමින් තක්ෂිලා ප්‍රනාන්දුය. කලක් නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලැබූ ඇය නිරූපණයෙන් ඉවත්වී සිටියි. මෙවර ‘සාරවිට’ සමග කතාබහ කිරීමට ඇය එකතු විය.

20170927Thakshi(1)ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම තක්ෂිලා, මම දැනට වසර  7 පමණ සිට වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස වැඩකටයුතු කරනවා. මගේ පවුගේ අම්මා, තාත්තා, මම සහ අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව කාලයක් නිරූපණ කටයුතු කළා. දැන් ඒවායින් ඈත් වුණා.

ඇයි නිරූපණයෙන් ඈත් වුණේ?

මම නිරූපණයෙන් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කළා. ඒ වගේම කවර් ෂූට් කිහිපයක් කළා. නමුත් දැන් ඒ පැත්තෙන් ඈත් වෙන්න හිතුවේ මගේ මේ ව්‍යාපාරික කටයුතු නිසයි.

රූපලාවණ්‍යයට අමතරව වෙනත් දේවල් කරනවාද?

මම ගොඩක් ආසයි නේල් ආර්ට් කරන්න. එන කස්ටර්මර්ස්ලාටත් නේල් ආර්ට් කරලා දෙනවා. ඒ සඳහා වේලාව ගොඩක් වැයවෙනවා. ඒ වුණාට එහි විවිධත්වයක් තිබෙන නිසා ආසයි.

රූපලාවණ්‍ය ක්‍ෂේත්‍ර‘යේ වසර ගණනාවක ඉඳන් ඉන්න ඔබට නිරූපණයට යොමුවෙන්න ආරාධනා ඇවිත් නැද්ද?

ආරාධනානම් ගොඩක් ලැබුණා. දැනටත් ආරාධනා ලැබෙනවා. ඇත්තටම මම ඒ සඳහා කැමති නැහැ. මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් තමයි මම බියුටීෂියන් කෙනෙක් වෙනවා කියන එක. මම රූපලාවණ්‍ය පැත්තෙන් කෝස් එකක් කරලා තියෙනවා. මම චූටියි එතකොට. එයා ඒ කරන දේවල් බලාගෙන ඉඳලා ඇත්තටම මට ගොඩක් ආසා හිතුණා. ඒ ආසාව නිසාම මගේම කියලා සැලොන් එකක් මම දාගත්තා.

බියුටීෂියන් කෙනෙක් වෙන්න අදහස ආවේ අම්මා නිසාද?

අනිවාර්යයෙන්ම. අම්මා තමයි මට ගොඩක් උදවු කළේ. දැනටත් මට අම්මා උදවු කරනවා. මට ඩ්‍රෙසින් මොනවා හරි ආවොත් එහෙම එයා ගොඩක් උදවු කරනවා. අම්මා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ.

අම්මාගේ සිහිනයක් සැබෑ කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

අම්මාගෙම කියලා කියන්න බෑ. මට පොඩි කාලේ ඉඳන් තිබුන ආසාවක් ඒක. මම තවත් ඉදිරියට යනවාට අම්මා කැමතියි. මාව පංතිවලට එක්කන් ගියේ අම්මා. ඩිප්ලෝමා එක ඉවර වුණාම අන්තිමේදී අපි බ්‍රයිඩ් කෙනෙක්ව අන්දලා පෙන්වන්න ඕන. මගෙ ළඟ ඒ වනවිට සල්ලි තිබුණේ නෑ මොකද මම රැකියාවක් කළේ නෑ. ඒ හැමදේටම වියදම් කළේ අම්මා තමයි. ඉතිං මම දැන් එයාට වියදම් කරනවා.  

20170927Thakshi(2)රූපලාවණ්‍ය ක්‍ෂේත්‍ර‘යේ, නිරූපණයේ විවිධ අංශ තිබෙනවා, ඔබ කැමති අංශයක් තිබෙනවාද?

මම නම් කියන්නෙ, රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණාම එක පැත්තක නෙවෙයි, හැම පැත්තම පුළුවන් වෙන්න ඕන. සමහර අය බ්‍රයිඩ්ල් පැත්ත විතරයි. සමහර අය කොණ්ඩේ ගැන විතරයි. සමහර අය ඉන්නවා එක එක දේවල් එක එක පැතිවලින් කරනවා. මම නම් කියන්නේ එක පැත්තක නැතිව හැම පැත්තක්ම අපිට පුළුවන් වෙන්න ඕනේ. සැලුන් පැත්තෙන් දවසින් දවස වෙනස් වෙන දේවල් තියෙනවා. දවසින් දවස එක එක ෆැෂන් එනවා. මම කියන්නෙ ඒ දේවල් හැමදේම ඉගෙන ගන්න ඕන. රූපලාවණ්‍ය ශිල්පිනියක් කියන්නෙ කොණ්ඩේ කපන්න පුළුවන් වෙන්න ඕන, කොණ්ඩෙ ගැන හැමදෙයක්ම දැනගන්න ඕන, මනමාලියක් හැඩගැන්වීම දැනගන්න ඕන, නියපොත්තේ සිට කෙස්ගස දක්වා මේ හැමදේම පුළුවන් වෙන්න ඕන.

ඔබ ඉගෙන ගන්න ඕන වගේම, කාටහරි මේ දේ උගන්වන්න ඕන කියලා හිතලා නැද්ද?

මට ආසයි. මොකද මම දැනට තවමත් ඉගෙන ගන්නවා. ඉදිරියේදීත් මම එන්න තියෙන දේවල් ඉගෙන ගන්නවා. මම කැමතියි උගන්වන්න. මම තවම වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක් නෙවෙයි. මම කවදා හරි දවසක මම ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට උගන්වන්න කැමතියි. ඉදිරියේදී ඒ උගැන්වීම් කටයුතු කරන්න අදහසක් තියෙනවා.

යම්කිසි ක්‍ෂේත්‍රයක් කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. මේ ක්‍ෂේත්‍රයත් ඒ වගේ නේද?

ඔව් අනිවාර්යයෙන්ම ඒ දැනම තියෙන්න ඕන. දවසින් දවස මොනවා හරි අලුත් දෙයක් එකතු වෙනවා. අන්තර්ජාලයේ හෝ කොහේ බැලුවත් දවසින් දවස එක එක මේකප් වර්ග, එතකොට අපි කරන විදියට නෙවෙයි වෙනත් රටක මේකප් කරන්නේ, ගොඩාක් වෙනස්. ඒ දේවලුත් බලලා අපි දැනුම අලුත් කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම තවමත් මේ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගන්නවා. දැනට මගේ ගෙදර තමයි සැලුන් එක තියෙන්නේ. ඉදිරියේදී මගේ කියලා ටිකක් ලොකුවට සැලොන් එකක් දාන්න තමයි තියෙන එකම බලාපොරොත්තුව.

ඔබ අද ඉන්න තැනට එන්න උදවු කළ පිරිසක් ඉන්නවාද?

ගොඩාක් කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට මම වැරදි දේවල් කරනවා. මට සමහරවිට බැනලා කියලා දීලා තියෙනවා ඔයා මේ දේ කරන්න, ඔයා කරන්නේ හරි දේ නෙවෙයි කියලා. මගේ අම්මා, තාත්තා ඇතුළු මගෙ යාළුවො උදවු කරලා තියෙනාව.

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - කවීත් මිලින්ද

20170927Thakshi(3) 20170927Thakshi(4) 20170927Thakshi(5) 20170927Thakshi(6) 20170927Thakshi(7) 20170927Thakshi(8)