සුජානි විජේසුන්දරගේ 'නික්මන' කෙටි චිත්‍රපටය



කෙටි චිත්‍රපටයක් ලෙසින් මනා සංයමයක් සහ මනා අරුතක් එක් කරන්නට කළ නිර්මාණයක් ලෙස මෙම නික්මන කෙටි චිත්‍රපටය දැක්විය හැක. අපට කිසිවකුගේ ජීවිත පාලනය කිරීමට අයිතියක් නැහැ. නිර්මාණකරුවා එම අදහස වෙනුවෙන් සිය චිත්‍රපටයේ අවැසි පසුබිම නිර්මාණය කරන අයුරින්ම මෙය විශිෂ්ට චිත්‍රපටයක් බව කිව හැකියි. මේ එහි අධ්‍යක්ෂක සුජානි විජේසුන්දරගේ අදහස.

“2010 ජාත්‍යන්තර බෞද්ධ කෙටි චිත්‍රපට උලෙල වෙනුවෙන් නිර්මානය කරපු මේ චිත්‍රපටය එහි සම්මාන ලබපු නිර්මාණ අතරට එක්වුනා. මම නිර්මාණ කරපු බහුතර යක් කෙටි සිනමා නිර්මානවල තියෙන්නෙ රූපමය පෙලගැස්මක්.දෙබස් නැති තරම්.ඒත් මේක තමයි දෙබස් සහිත මගෙ මුල්ම නිර්මානය.මුලින්ම පිටපත ලිව්වෙ පොහෝදින ඒකාංක ටෙලි නිර්මාණ යක් කරන්න හිතාගෙන..චිත්‍රපට තරගය නිසා මේ සදහා ඒක යම් යම් වෙනස්කම් කරලා යොදාගත්තා.”

 

කතාව/ කැමරාකරණය/ සංස්කරණය/ අධ්‍යක්ෂණය -

  • සුජානි විජේසුන්දර

රංගනය -

  • අරවින්ද චන්ද්‍රපද්ම
  • ජයම්පති ගුරුගේ
  • සුපුන් වික්‍රමසිංහ
  • අමන්දා ජයවර්ධන
  • ජලානි වික්‍රමසිංහ

 

රචින්ත ජයවර්ධන