උමේෂ් ද සිල්වාගේ ඇබෑර්තු ඇත (Vacancies available) කෙටි චිත්‍රපටය



 

ලංකාවේ මිනිසුන් වැඩිවශයෙන්ම පීඩා විඳින වචනයක් ලෙසින් රැකියාව යන වචනය දැක්විය හැක. දැන් ජොබ් එකක් නැද්ද? ඉස්සරහටත් මෙහෙම ඉන්නද කල්පනාව? ඉසස්සරහට යන්න ෆීල්ඩ් එකක් තෝරගත්තද? වගේ ප්‍රශ්න එක්ක මේ කෙටි චිත්‍රපටය හොඳින් පෑහෙනවා. නමුත් විශ්වවිද්‍යාල තරුණයා යනු රැකියා ජනනය කළ යුත්තෙක් වගේම තමන්ට වඩා වැඩදායී සහ අනාගතයක් ඇති මගක යා යුත්තෙක් බවත් අප විශ්වාස කරනවා. මේ මෙම කෙටි චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂක උමේෂ් ද සිල්වාගේ අදහසයි.

“2010 වසරේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින්, 'විරැකියාව හා තාරුණ්‍යය' කියන තේමාව යටතේ කෙටි චිත්‍රපට තරගයකට නිර්මාණ ඉදිරිපත් කරන්න තමයි මේ නිර්මාණය කළේ. මම මේ දැන්වීම දකිද්දි නිර්මාණ බාරගන්න ඉතිරිව තිබුණේ දින දෙකක කාලයක්. ඉතින් දවසක් ඇතුළත පිටපතක් ලියාගෙන, මෙගා පික්සල් 16ක ඩිජිටල් කැමරාවක් ඉල්ලගෙන ඇවිත් පැය 04ක් ඇතුළත වීඩියෝගත කරලා, නිර්මාණ බාරගන්න අන්තිම දවසේ සංස්කරණය කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන් වුණා. මේ නිර්මාණය ඇතුලේ කතා කරන්න උත්සාහ කරපු දේ වුණේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සහ රැකියා වෙළෙඳපොළ අතර තියන නොගැළපීම.”

 

රංගනය

  • දිනක දිස්මන්ත
  • සිරිල් විතානගේ
  • කසුන් ගීනාත්
  • භාග්‍ය මධුසංඛ

 

අදහස, තිරරචනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය 

  • උමේෂ් ඉෂාන්ත ද සිල්වා

 

කලා අධ්‍යක්ෂණය

  • කසුන් ගීනාත්

 

නිෂ්පාදන සහය 

  • ඉසුරු ආසිරි සෙනවිරත්න
  • තිලිණ ඩිෂාන්
  • ක්‍රිෂාන් ජයවර්ධන
  • ජයාන් විතානගේ

 

රචින්ත ජයවර්ධන