කොමියුනිකේෂන් වලට පනින හොරු දෙන්නෙක් විජේරාමයේ



20171101Gossip-1

විජේරාම ප්‍රදේශයේ පිහිටි කොමියුනිකේෂන් එකකට අද  අලුයම  හොර රහසේ  දෙදෙනෙක් ඇතුළු වී ඇති බවට එහි සහ අවට ඇති CCTV කැමරාවල සටහන්ව තිබෙනවා. මේ අයගෙන් එක් පුද්ගලයෙකු කමියුනිකේෂන් එක ඉදිරිපිට ඇති විදුලි කණුවකට නැග අනෙකාට එළියේ සිට ඔත්තු සපයන බව CCTV දර්ශනවලින් මනාව පැහැදිලි වෙනවා.

මෙම හොරකමට ලක්වූ කඩයේ හිමිකරුවා පවසන අන්දමට එයට ඇතුළු වූ හොරා විසින් එහි තිබූ මුදල් හෝ කිසිදු වටිනා භාණ්ඩයක් ගෙන ගොස් නොමැත. නමුත් මෙම හොරා විසින් කඩයේ කවුන්ටරය අසල මුදල් ප්‍රමාණයක් තබා ගොස් ඇති බවට මෙහි හිමිකරුවා පවසා තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ විවිධ කටකතා පැතිරෙමින් තිබෙන බවත්, මේ හොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව සඳහන්.

20171101Gossip-2