රෙෂාන් ප්‍රනාන්දුගේ Gloomy Boy කෙටි චිත්‍රපටය



 

දෙමවුපියන් අතරේ සිද්ධ වන අඩදබර දරුවන්ට බලපාන අයුරු කියැවෙන මෙම කෙටි චිත්‍රපටය එක් වචනයකුදු භාවිතා නොකර සංගීතයෙන් පමණක් වඩා තීව්‍ර ලෙස අදහසක් ලෙසින් කාවැද්දීමට සමත්වෙයි. මේ එය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක රෙෂාන් ප්‍රනාන්දු දක්වන අදහසයි.

මේකෙ කියැවෙන්නෙ දෙමවුපියන්ගේ පවුල් ආරවුල් නිසා ළමයින්ට සිදුවන මානසික බලපෑම ගැනයි. මම මේකෙදි තනි පවුලක් කියන තැනින් අරගෙන හිතුවෙ නැහැ. මේ සිදුවීම ලෝකය වටාම සිද්ධ වෙන දෙයක්. දරුවාගේ පාර්ශවයෙන් දරුවා විඳින දුක ගැනයි මම මේකෙදි කතා කරන්නෙ. මෙහි කැමරාකරණය සිදුකළේ ජංගම දුරකතනයකින්. මෙය සම්මාන කිහිපයක් දිනාගත්තා වගේම සම්මාන කිහිපයකටත් නිර්දේශ වුනා.

 

Award: Best Actor Male on International Kids Festival 2016 in Madrid, Spain

Award: Best Film on Pocket Cinema Film Festival 2015 Pakistan

Official selected to the 5th iPhone Film Festival 2015 Beverly Hills, CA, USA

Official selection to the International Mobile Film Festival 2015 San Diego, CA, USA

Official Selection Cinephone - International Short Films Festival with SMARTPHONE 2015 Barcelona, Spain

Official Selection Fanboy Film Festival 2016 USA

 

අධ්‍යක්ෂණය - රෙෂාන් ප්‍රනාන්දු

සංගීතය - ෆ්ලොයිඩ්බීට්ස් රචින්ත ජයවර්ධන