මොනවා තිබුණත් මෝජුව නැත්නම් වැඩක් නෑ



සුසිලා කෝට්ටගේ ගේ වම්බටු මෝජු රෙසපිය

සුසිලා කෝට්ටගේ අපේ රටේ ඉන්න ප්‍රවීණ කාලාකාරියක් වගේම හිත හොඳ අපේ හිතවතියක්. ආගන්තුක සත්කාර හොඳට දන්න සුසිලා හරි අපූරුවට කෑම පිසින ගෘහණියක්. හැම සිංහල අලුත් අවුරුද්දකම වගේ සුසිලා වම්බටු මෝජුවක්නම් විශේෂයෙන් කෑමවේලට එකතු කරනවාමයි. ඒ නිසාම මේ සිංහල අලුත් අවුරැද්දේ ඔබේ නිවසෙත් ඒ වම්බටු මෝජුවේ රස බලන්නට අමතක කරන්න එපා.

වම්බටු මෝජුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු කිලෝ 1 යි
  • වියලි හාල්මැස්සන් ග්‍රෑම් 250
  • රතුලූනු ග්‍රෑම් 500
  • විනාකිරි කෝප්ප 1
  • අමුමිරිස් ග්‍රෑම් 100
  • සුදුලූනු බික් 10 ක් පමණ
  • ඉඟුරැ කැබැල්ලක්
  • ගම්මිරිස්
  • ලුණු රස අනුව
  • කරපිංචා
  • සීනි
  • පොල්තෙල්

සාදන ක්‍රමය

වම්බටු හොඳින් සෝදා තීරැ කපාගන්න. රතුලූනු හොඳින් සෝදාගන්න. අමුමිරිස් නැටි ඉවත් කර වෙන් නොවන සේ මැදින් පලාගන්න. වියලි හාල්මැස්සන් හොඳින් සෝදාගන්න. සුදුලූනු සහ ඉඟුරැ තරමක් අඹරාගන්න. අබ, විනාකිරි ස්වල්පයක් සමඟ එක්කර අඹරාගන්න.

තෙල් තාච්චිය ළිප තබා රත් වූ විට එයට තීරැවට කපාගත් වම්බටු කොටස් ලෙස එක්කර රන්වන් පාට වනතුරැ බැද තෙල් තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්නට තබන්න. එම තෙලටම රතුලූනු එක්කර තාච්චියෙන් ඉවතට ගන්න. එයට අමුමිරිස්, සුදුලූනු සහ ඉඟුරැ, කරපිංචා එක්කර තාච්චියෙන් ඉවතට ගන්න. මේවා වෙනවෙනම තාච්චියට එක්කරන්න.

20180410Susila-1