BnS, කාවින්ද්‍යා හා ශෂිකා එකතු වෙලා කරපු අළුත් වැඩේ



ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් තමයි කැලි කසල කියන්නේ. කැලි කසල නිසි ලෙස බැහැර කිරීමට නොහැකියාවක් පවතින නිසා අපේ රටේ සුන්දරත්වය ක්‍රමයෙන් ගිලිහී යන බව සැවොම දන්නා කරුණක්. මේ ප්‍රශ්නයට කෙතරම් විසඳුම් ගෙනාවත් තවම නිසි පිළියමක් සකස් කිරීමට නොහැකි වී තිබෙනවා. මේ කැලි කසළ ගැටළුව විසඳීම සඳහා ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයක් එකතු වී ගීතයක් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා මූළිකත්වය ගෙන තිබෙන්නේ ඩෙටෝල් ආයතනයයි. ඩෙටෝල් ආයතනය භාතිය සංතුෂ්, ශෂිකා නිසංසලා, කාවින්ද්‍යා අධිකාරී යන ගායක ගායිකාවන් එක් කරගෙන මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා. මෙම ගීතයේ රූප රචනාව සඳහා සිඳූ නාට්‍යයේ “පොඩි සාදු” ලෙසින් ජනාදාරයට පත් ළමා නළු කවීෂ් විහඟ, ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සහ චාමර කපුගෙදර එක් වී තිබෙනවා.

එම ගීතය පහතින්....