භාග්‍යාගේ උපන්දිනයට ලැබුණු “දියමන්ති මාලේ”



Instagrame Youtubejhj-New Facebook Twitter

භාග්‍යා හෙට්ටිආරච්චිගේ නම මෑත කාලයේදී නම් අහන්නට දකින්නට ලැබුණේ නැහැ. කාලයක් භාග්‍යා ටෙලි නාට්‍ය තුළින් නිතරම මුණ ගැසුණා. භාග්‍යා හෙට්ටිආරච්චිගේ විවාහ වුණේ ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා සමගයි. භාග්‍යා හෙට්ටිආරච්චිගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කෞෂාල් සිල්වා ස්ප්‍රයිස් පාටියකුත් සූදානම් කර තිබුණා. මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. භාග්‍යාව ඔබට නැවතත් දකින්න පුළුවන් දෙයක් ගැනයි. ඒ තමයි භාග්‍යාගේ නවතම ගීතය. භාග්‍යා ගායානා කරන නවතම ගීතය තමයි “දියමන්ති මාලේ” කියන්නේ.  මේ ගීතය භාග්‍යාට ලැබුණු උපන්දින ත්‍යාගයක් කියලා තමයි ආරංචි වන්නේ.

බලන්නකෝ භාග්‍යාගේ ගායනය කොහොමද කියලා...