වස්ති ප්‍රේක්ෂකයන්ට ස්තූතිය පුද කරයි



Instagrame Youtubejhj-New Facebook Twitter

වස්ති ප්‍රඩක්ෂන් කිවූ පමණින් හැමෝටම මතත් වෙන්නේ ඔවුන්ගේ හාස්‍යමය වීඩියෝ කිහිපය. ඔවුන් කාලෙන් කාලෙට වෙනස් නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත පැමිණෙනවා. මේ කියන්න යන්නේ වස්තිලාගේ අළුත්ම වැඩක් ගැන.

වස්තිලාගේ ගමනේදී ඔවුන්ට සහය දැක්වූ සැමට ඔවුන් විවිධ සමාජ සත්කාර කිහිපයක් සිදු කර තිබුණා. ගිය වසරේදී ඔවුන් මයිලෝ දන්සලකුත් තමන්ගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පවත්වනු ලැබුවා ඔබට මතක ඇති. මේ කියන්නේ වස්තිලා සිදු කරපු තවත් සමාජ සත්කාරයක් ගැන. ලෝක අම්මාවරුන්ගේ දිනය යෙදී තිබෙන්නේ මැයි 13වන දිනයි. අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් තමයි වස්ති මේ සමාජ සත්කාරය සිදු කරලා තියෙන්නේ. ඒ තමයි වැඩිහිටි නිවාස කිහිපයකට ගොස් අසරණව දිවි ගෙවන අම්මාවරුන්ගේ සුව දුක් සොයා බලා ඔවුන්ව මදකට හෝ සතුටු කිරීම. මේ ගැනත් වස්තිලා වීඩියෝවක් නිර්මාණය කර තිබුණා. ඉතින් මේ වීඩියා්වත් යූ ටියුබ් ට්‍රෙන්ඩින් හි පලමු තැනට ඇවිත්. ඉතින් වස්තිලා ඒ වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ ඒ වෙනුවෙන් දායක වූ සැමට ස්තූතිය පල කර තිබුණා

එම සටහන සහ වීඩියෝව පහතින්...  

2018-5-10-wasthi-1