‘මම දෝංකාරයයි’ සංගීත වීඩියෝව එළිදැක්වීම හෙට



අශෝක හඳගමගේ පද මාලාවකට චිත්‍රාල් සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කළ, ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වා දීම හෙට (01දා) සවස 4:00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී සිදුකෙරෙයි.

පැරණි ග්‍රීක - ලතින් මිත්‍යා කතා චරිත දෙකක් වන නාසිසස් සහ එකෝ ඇසුරින් නිර්මාණිත මේ ගීතය නිමිති කරගෙන කෙරෙන සංවාදයට මුල පිරෙන්නේ සමන් වික්‍රමාරච්චි සහ දීපති කුමාර ගුණරත්නගේ දෙසුම් දෙකකිනි.

ඉන්දිකා උපමාලි සහ චිත්‍රාල් සෝමපාල ගායනයෙන් සහ රංගනයෙන් දායක වන මෙම ගීත වීඩියෝවට චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් සහ උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙති. මම දෝංකාරයයි අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයකි.

මේ සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනාට එම අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.  

20180731Chithral-1