කලණගේ වැඩක් ගැන සන්නස්ගල කියපු දේ



කලණ ගුණසේකර කියන්නේ අපේ රටේ දක්ෂ නළුවෙක්නේ. කලණ ගැන ගොඩක් දෙනා දැන ගත්තේ කූඹියෝ නාට්‍යයයේ ප්‍රියන්ත මහඋල්පතගම චරිතය නිසයි. හැබැයී ඊට කලින් ගිණි කෙලි සහ ගිණි අවි නාට්‍ය බලපු අයත් කලණ ගැන දැනගෙන හිටියා. 

රගපාන්න දක්ෂයා වගේම කලණ තවත් වැඩකට දක්ෂයෙක් කියලා දැන ගන්න ලැබුණා. ඒ තමයි පොත් ලියන්න. හැබැයි ඒ ගැන කිව්වේ උපුල්ශාන්ත සන්නස්ගලයි. 

තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් තමයි ඔහු දාලා තිබුණේ,

 “මෙයාගේ නම කලණ ගුණසේකර. කූඹියෝ Fans ලා කියන්නේ ප‍්‍රියන්ත මහඋල්පතගම.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නළුවෙක්; තිර රචකයෙක්; කෙටි චිත‍්‍රපටකරුවෙක්; වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. කලණට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා රාජ්‍ය සම්මාන ලැබෙන්නේ අවුරුදු 24දි. මෙයා Art එකේ රස්තියාදුකාරයෙක්. වෙලාවකට ඉන්නෙ නගරේ. ඇතැම් වෙලාවට ගමේ. බොහෝ විට අතර මැද. මට කලණ හමු වෙන්නෙ කූඹියෝ Popular වෙන්න ඉස්සෙල්ලා අතරමැද දි. දැනට අවුරුදු ගාණකට කලින්. මට මේ වාගේ තරුණයෝ දැක්කම ඉස්සර ඉඳන් කැහිල්ලක් තිබුණා පොතක් ලියපං කියන්න. කේ. කේ. ශ‍්‍රීනාත්ටත් පොතක් ලියපං කියලා සෑහෙන්න වදයක් දුන්නා. කලණටත් නවකතාවක් ලියන්න කියලා කිව්වා. එයා ඒක තාම ලියලා ඉවර නෑ. මේ අතරේ කලණ ලිව්ව කවි පොතක් අස්ථානගත වෙලා තිබිලා දැනට අවුරුදු 05කට විතර කලින් හමු වෙනවා. මේ 10 වෙනි සිකුරාදා Friday Night එකේ දි Launch කරන්නේ ඒ අස්ථානගත වූ පොත. ඒක පරිස්සම් කරලා තිබුණේ ශාම් කැල්ලපතගේ Hard Disk එකේ. පොතේ කවරේ කරේ සංජය ඈපා සෙනෙවිරත්න. පොතේ නම ‘මූසිලය’.
දැනට එපමණයි.

10 වෙනි සිකුරාදා සවස 06ට රෝයල් තැප්‍රොබේනියන් එකට එන්න. 
මේ රස්තියාදුකාර, කලාකාර මිත‍්‍රයාගේ සාහිත්‍ය ගමන් මඟේ මල් පිපේ දැයි බලන්න!”

-උපුල් ශාන්ත සන්නස්ගල-

20180807Kalana-1 20180807Kalana-2