සමාජ මාධ්‍ය උණුසුම් කරමින් සංගාගෙන් විශේෂ ප්‍රකාශයක්



ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනෙකුගේ යටි හිතේ තැන්පත් වීරයෙකු වන කුමාර සංගක්කාර නාමය ඉහලින්ම තිබෙන බව කිවයුතු කාරණාවකි. මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටින කුමාර සංගක්කාර. 2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටින බව නොරහසකි.

මහත්මා ක්‍රීඩකයෙකු ලෙස ලෝකයේම නම දරා සිටින කුමාර සංගක්කාර පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූයේ ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ ප්‍රකාශය නිසාවෙනි.

20180826Sanga-1

එහිදි සංගක්කාර තම සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ, “ශ්‍රී ලාංකික හැමදෙනාගේම ජීවිතය ඉදිරියට ගෙන යාමට ඇති අවස්ථාවන් පිළිබඳව මගේ අදහස ඔබ හැමෝටම පැවසීමට කාලයයි මේ ඇවිත් තියෙන්නේ.   වගකීමක් නැතුව ජීවත් වුණු කාලය අතහැරලා වගකීම් සහිත පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමේ කාලයයි මේ. ඒ ගැන කතාබහ කරන්න අගෝස්තු 30 වැනිසා මාත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා”. යනුවෙන් ඔහු සඳහන් කර තිබුණි.

සංගා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසූ මෙම කාරණාව මේ වනවිට උණුසුම් පුවතක් වී විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතිනවා. මේ කාරණාව සම්බන්ධයෙන් තොරතුරු ලැබූ සැනින් අප ඔබව දැනුවත් කිරීමට සූදානම්.