සකූගෙ කතාවේ නපුරු මාලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන බොහෝදෙනා කතා වන්නේ මේ මාලා ගැනයි. ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘සකූගේ කතාව’ නාට්‍ය මාලාවේ නපුරු තැනැත්තියක ලෙස මාලා නමින් රඟපාන ඇය හර්ෂිකා රත්නායකයි. වේදිකාවට අමුත්තියක නොවූ හර්ෂිකා කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප‍්‍රාසාංගික කලාවේදී ප‍්‍රථම පංතියේ උපාධිධාරිනියකි. ඊට අමතරව නර්තන වින්‍යාසය සම්බන්ධයෙන් ජාතික ඩිප්ලෝමාව ද ලබාගෙන ඇති හර්ෂිකා කොළඹ සරසවියේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරමින් සිටින අතර, පේරාදෙණිය සරසවියේ දර්ශනපති උපාධිය සඳහා ප‍්‍රථම වසරේ අධ්‍යාපනය හදාරමින් සිටින්නීය. රංගනයට අමතරව ඇය කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. සකූගේ කතාවේ මාලා ලෙස නපුරු වූ මේ හර්ෂිකා සඳැල්ල පිළිසඳරකට එක්වූ අයුරුයි මේ.

20181105Harshika-1චරිතයේ හැටියට හරිම නපුරියක්? හර්ෂිකා කොහොම කෙනෙක් ද?

මම හරිම සාමාන්‍ය කාන්තාවක්. කාන්තාව කියන වචනයට වඩා සරල සාමාන්‍ය මනුස්සයෙක් කියන වචනයට කැමැතියි. පිරිමියා සහ කාන්තාව යන මාතෘකාව ලොකු කථිකාවතක් කරගත යුතු නැහැ. පිරිමියා විසින් ඇයව ආරක්ෂා කළ යුතුය, පෝෂණය කළ යුතුය කියන මතයේ මම නැහැ. ඒත් අපේ රටේ ඒක සරල නැහැ. මම මගේ ස්වාධීන මතයට අනුව ජීවත් වෙන්න හදන කෙනෙක්.

ඒ කියන්නෙ ඔයා මහා රැුඩිකල් චරිතයක් ද?

නැහැ, බොහොම සුන්දර කාන්තාවක්. මගේ ආර්ථිකය මා විසින්ම සකසා ගන්න වෙනවා. ලංකාවේ කාන්තාවන්ට බොහෝ විට ප‍්‍රශ්න එන්නෙ ආර්ථික නුසුදුසුකමනෙ. ලංකාවේ කාන්තාව ඒක හදාගත යුතුයි. අපව ගෙවල්වලින් හදන්නෙ, කවලා පොවලා ඇති දැඩි කරලා වෙන ජීවියකු එක්ක ජීවිතය ගෙවන්නයි. නමුත් එහිදී සිදුවිය යුත්තේ ජීවිතය බෙදාහදා ගැනීම මිස සියල්ල කැප කිරීම නොවෙයි.

හර්ෂිකාගෙ අම්මා තාත්තා සහ පවුලේ විස්තර ගැන කිව්වොත්?

අප්පච්චි පුංචි බණ්ඩා රත්නායක, විශ‍්‍රාමික විදුහල්පතිවරයෙක්. අම්මා තැපැල් නිලධාරිනියක්. අම්මගෙ නම අමරා සෝමලතා. මට ඉන්නෙ එක සහෝදරයෙක් විතරයි.

හර්ෂිකාගෙ ගම?

නුවර.

ඉගෙන ගත්තෙ?

මහනුවර ස්වර්ණමාලි බාලිකාවෙන්.

අද ඔබගෙ ජීවිතයේ හැඩතල ගැන කිව්වොත්?

මම විවාහකයි. සැමියා ප‍්‍රියංකර රත්නායක. අපට දූලාම දෙන්නයි.

ඔබ තවමත් ඉගෙනීම් කරනවා. එහිදී නතරවීමක් නැද්ද?

දැනුම ලබන්න ලබන්න අපි අලූත් වෙනවා. එවිට මිනිස්සු ගැන අපට කියවා ගන්න පුළුවනි. ඒක හරියට අප්ලෝඞ් වෙනවා වගේම අප්ඬේට් වෙනවා වගේ දෙයක්.

හර්ෂිකා කොහොම ද රඟපෑම පටන් ගත්තෙ?

පාසල් සමයේදී මම ඉතාම ක‍්‍රියාශීලීව ක‍්‍රීඩා අංශයේ නිරත වූ ක‍්‍රීඩිකාවක්. දැල්පන්දු, උස පැනීම, මීටර 100, කඩුළු පැනීම වගේ ඉසව් කළා. කලා අංශයට අවතීර්ණ වුණේ අම්මා නිසයි. උසස් පෙළට කලා අංශයෙන් අවතීර්ණ වුණාම, හේමා සමරකෝන් ආදරණීය ගුරුතුමිය හමුවුණා. ඒ අතරේ සමස්ත ලංකා ජයග‍්‍රහණත් ලැබුවා. පසුව ශ්‍රීපාලි මණ්ඩපයට තේරුණාම ප‍්‍රියංකර රත්නායක හමුවුණා.

ඔහු තමයි රූපණය සහ රංග වින්‍යාස අංශයේ මගේ ප‍්‍රථම ගුරුවරයා. සරසවිය ඇතුළෙදි විෂය පදනම් කරගෙන නිර්මාණය වූ බර්නාඩාගෙ සිපිරිගෙය නාට්‍යයේ අඩෙලා ලෙස රංගනයට ඉදිරිපත් වුණා. සරසවියෙ සිටියදීම කපිල පලිහවඩන සර් යටතේ නර්තනයත් හැදෑරුවා. ටෝනි ෆර්නැන්ඩස් සර් යටතේ බටහිර නර්තනය හැදෑරුවා.

දැන් නටන්නෙ නැද්ද?

නටනවා, ගිය වසර වනවිට මැලේසියාව, සිංගප්පූරුව රටවල පැවැත්වූ ජාත්‍යන්තර නර්තන තරගාවලි කීපයකට දායක වී වසර දෙකකදීම පළවැනියා වුණා.

20181105Harshika-2ඔබ නිතරම එක තැනක නතර වූ චරිතයක් නෙවෙයි නේද?

ඔව්, මේ කියූ විදියට කටයුතු කරගෙන යද්දී ‘අද වගේ දවසක ඇන්ටගනී’ රඟපෑමට ප‍්‍රියංකර කතා කළා එහි රංග වස්ත‍්‍ර සහ රංග වින්‍යාස කටයුතු මට කරන්න කියලා. පසුව ඔහු විසින්ම කළ පේ‍්‍රමවන්ත කුමාරයෝ, ටයිටේනියා ලෙස රඟපෑවා. ඉන්පසුව ඔහුගේම විසේකාරියෝ නාට්‍යයේ රඟපානවා.

එතකොට සකූගේ කතාවේ මාලා වුණේ කොහොම ද?

මේ විදියට ඔය වේදිකා නාට්‍යවල වැඩ කටයුතු කරගෙන සිටින අතරේ පේ‍්‍රමවන්ත කුමාරියෝ නාට්‍යය නැරඹීමට ප‍්‍රියන්ත කොළඹගේ ඇවිත් හිටියා. එතැනදි දැකලා තමයි මෙම චරිතයට කතා කළේ. ඊට පෙර සන්තුෂ ලියනගේ, අනුර මාධව ජයතිලක සහ රංග බණ්ඩාරනායක කළ ඒකාංගික නාට්‍යවල රඟපෑවා.

දැන් මාලාට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේ ද?

මෙය විකාශය වෙන්න පටන්ගෙන තවම සති දෙක තුනයි. මටත් හිතාගන්න බැරි තරමට ප‍්‍රතිචාර. සමහරු කතා වන්නෙ මේ ගෑණිට හෙණ හතම වදින්න  ඕනෑ කියලයි. තව ටික දවසක් යන විට මිනිස්සු මට ගහන්න පොලූ අරන් ඒවි ද දන්නෙ නැහැ.

එතැනින් එහාට, ටෙලි ක්ෂේත‍්‍රයේ මොන වගේ දේ කරන්න ද කල්පනාව?

මේ විදියට අද නපුරු චරිතයක් කළා කියලා ඒ රැුල්ලේ චරිතවලට කොටු වෙන්න කැමැති නැහැ. ඒ නිසා මේ වගේ චරිත ලැබුණෙත් යළි ඒවා බාර නොගෙන සිටීවි.

 

සටහන / ඡායාරූප: සඳුන් ගමගේ

20181105Harshika-3 20181105Harshika-4