දෙවෙනි ඉනිමේ ඊළඟට අයින් වෙන්නේ ආනන්දද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-dias-1

දෙවෙනි ඉනිම කියන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තවමත් විකාශය වන ටෙලි නාට්‍යයක්නේ. දෙවෙනි ඉනිම කොටස් දහසක් පමණ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයක් බව එහි අධ්‍යක්ෂවරයා පසුගිය දා මාධ්‍යයට පවසා තිබුණා.

දෙවෙනි ඉනිම නාට්‍යයට රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් අතර වර්තමානයේ කාර්යබහුලම රංගන ශිල්පීන් රැසක් සිටිනවා. කෙතරම් ජනප්‍රිය වූවත් දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිත කිහිපයක් පසුගිය දා ඉවත් වී තිබුණා. ඒ රවී ප්‍රනාන්දු සහ සමල්කා කියන චරිතයි. මේ චරිතවලට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පීන් වන්නේ බිමල් ජයකොඩි සහ ශනුද්‍රි ප්‍රියසාද්. මේ රංගන ශිල්පීන් දෙදෙනාම වර්තමානයේ කාර්යබහුලම රංගන ශිල්පීන් දෙපළක්.

ඒ වගේම ආනන්දගේ චරිතයට රංගනයෙන් දායක වන ධර්මප්‍රිය ඩයස් කියන්නෙත් මේ දිනවල ඉතාමත් කාර්යබහුල චරිතයක්. ඒ නිසා ඉදිරියේදී ආනන්දගේ චරිතයත් නාට්‍යයෙන් ඉවත් වෙයි කියලා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා.