'කූඹියෝ' ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා අතුරුදන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඹියෝ ටෙලිනාට්‍යයේ සංස්කාරක සහ තිර රචක දමිත් චන්ද්‍රසිරි දින කිහිපයක සිට අතුරුදන් බවට ඔහුගේ මිතුරෙකු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඉකුත් ඔක්තෝම්බර් 29 වැනි දින මෙම පැමිණිල්ල වැලිකඩ පොලිසියට ලැබී ඇති බවත් පැවසේ.

නාවල රාජගිරිය ප්‍රදේශයේ කුලි නිවසක නැවතී සිටි දමිත් චන්ද්‍රසිරි අනුරාධපුර, වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසයි. ‍

මේ කාරණාව පිළිබඳව 'කූඹියෝ' අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න තම ෆේස්බුක් ගිණුම ඔස්සේද පවසා තිබේ. මේ එම සටහනයි.

20181118Damitha-1 20181118Damitha-2