දුලානිට අනතුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන් රංගනයට දායක නොවුවද රඟපාන චරිතයට සජීවී බවක් ලබා දෙන ඇය දුලානි අනුරාධාය. පසුගිය දිනවල දුලානි ගැන අහන්නට වගේම දකින්න ලැබුණෙත් නැහැ. ඒකට හේතුව ඇය  අනතුරකට මුහුණ දීමයි. බොහෝ දෙනා ආදරය කරන ආදරණීය දුලානි ගැන අලූත් විස්තර දැන ගන්න අපි පසුගිය දිනෙක ඇය හමුවන්නට ගියෙමු.

20181210Dulani-2දුලානි මොකක්ද මේ වුණේ?

ගෙදරදි පඩි පෙළින් වැටුණා. මේ නිසා පාදයේ අස්ථි බිඳීමක් සිද්ධ වෙලා. මම වෙන කල්පනාවකින් පඩිපෙළ බැහැගෙන එද්දී තමයි මේ සිදුවීමට මුහුණ දුන්නේ. මේ නිසා මාසයක් විතර තිස්සේ කිසිම වැඩක් කරගන්න බැරිව ගෙදරට වෙලා ඉන්නේ. කිහිලිකරු ආධාරයෙන් තමයි ඇවිදින්නෙත්. සති 3ක් විතර එක දිගට ඇඳටම වෙලා ඉන්න සිදු වුණා. හැබැයි වෘත්තියෙන් මම ගුරුවරියක් නිසා පාසල් අවසාන වාර පරික්‍ෂණ කටයුතුවලට සහභාගි වුණා. පාසලේ දරුවන්ගේ වැඩ මොන ප‍්‍රශ්න ආවත් නවත්වන්න බැහැ. ඒ වගේම නිවාඩු ප‍්‍රශ්නත් තියෙන නිසා කිහිලිකරු එක්ක තමයි පාසල් යන්න සිද්ධ වුණෙත්.

දැන් කොහොමද තත්වය?

දැන් නම් ටිකක් සුව අතට හැරිලා. ඒත් වාහනය පදවාගෙන ගමනක් යන්න තරම් තවම හොඳටම සනීප වෙලා නැහැ.

මේ වගේ සිදුවීමකට මුහුණ දුන්නේ ඔබගෙ නොසැලකිල්ල නිසා නේද?

ඇත්තෙන්ම ඔව්. හරියටම මේ සිද්ධියට මුහුණ දුන්නෙ හිරු ගෝල්ඩන් සම්මාන උළෙලට පෙරදායි. ඊට සහභාගි වෙන්න යන්න සූදානම් කළ ඇඳුමේ හැඩ බලලා ගෙදර ආවා. අම්මා කිව්වා කෑමට පල්ලෙහාට එන්න කියලා. මම වෙන කල්පනාවක ආ නිසා බිම කියලා හිතලා පඩි කීපයක් මගහැරලා කකුල තියද්දී තමයි ඇදගෙන වැටුණෙ.

කලා ක්ෂේත‍්‍රයේ අනෙක් හිතවත් අය දන්නවද ඔබට සිදුවූ මේ අනතුර ගැන?

ඇත්තටම මම කාටවත් කියන්න ගියේ නැහැ. හැමෝම කාර්යබහුලයිනේ. අනතුරට මුහුණ දුන් මුල් දිනවල මම හරියට වේදනා වින්දා. මේ නිසා වේදනාව පාලනය කිරීමට බෙහෙත් ගන්නත් සිදු වුණා. ක්ෂේත‍්‍රයේ යාළුවන්ට කිව්වේ නැත්තේ එයාලා වැඩ දාලා එන නිසයි. ඒක මම එයාලට කරන කරදරයක්.

කලා ක්ෂේත‍්‍රයේ බාර ගත්ත වැඩවලට මොකද වෙන්නේ?

කොහොමටත් පාසලේ අවසාන වාර පරීක්‍ෂණ තිබිය දී මම කලා ක්ෂේත‍්‍රයේ වැඩ බාරගන්නේ නැහැ. ඒ නිසා ප‍්‍රශ්නයක් නැහැ. එත් ඉදිරියේ දී කතා කළ වැඩ නිසා මම හරි අවිනිශ්චිත තත්ත්වයක සිටින්නේ. තවම පාදය බිමට බර කරලා ඇවිදින්න බැහැ. ඒනිසා මේ දෙසැම්බර් මාසයම මොනවත් නොකර ඉන්න තමයි හිතන්නේ. දැන් ආයුර්වේද බෙහෙත් කරන්න ලැහැස්ති වෙනවා.

පාළුව තනිකම එක්ක ගෙදර ඉඳගෙන මොනවද කරන්නේ?

කලා ක්ෂේත‍්‍රයේ නොවන මගේ යෙහෙළියන් කීප දෙනෙක් නිතර ගෙදර ආවා ගියා. මුල් දිනවල එයාලා නැවතිලා මට උදව් කළා. ළඟම සිටින මගේ යෙහෙළියන් තමයි මාව නාවන්න, කවන්න, පොවන්න පවා උදව් කළේ. මගේ එකම සහෝදරයා ඉන්නෙත් පිටරටක. මේ අනතුර දැන ගත්තාම එයත් ඇවිත් ගියා. ඒනිසා නිතරම මම තනි වුණේ නැහැ. මම ගුරුවරියක් ලෙස කරන්නෙත් එක තැන සිටින රස්සාවක් නෙවෙයිනේ. පාදයට ආබාධයක් වුණාම නර්තන ගුරුවරියකට එය විශේෂිතව බලපානවා. ළමයින්ගේ පාඩම් මග හරින්න මම කැමති නැහැ. ඒ හැරත් අවසාන වාර පරික්‍ෂණය කියන්නේ කඩඉමක්. ළමයින්ගේ ප‍්‍රශ්න පත්තර බලන එක සහ ලකුණු ලබා දීම ගෙදර සිට ඒ කටයුතු කළා.

මේ විදියට නොසිතූ මොහොතක එක්තැන් වුණාම ඇති වූ හැඟීම් මොන වගේද?

ජීවිතයේ ලොකු තනිකමක් දැනුණා. පාසලේ වැඩ කලා අංශයේ වැඩ සහ තව තවත් වැඩ එක්ක කාර්යබහුල වෙලා ඉඳලා මේ විදියට එක්තැන් වුණාම ලොකු අසරණකමක් ඇති වුණා.

මේ වාතාවරණය යටතේ දවස ගෙවන්නේ කොහොමද?

සිංදු අහනවා, බණ අහනවා, රූපවාහිනිය නරඹනවා. ටෙලි නාට්‍යයත් නරඹනවා. වෙනදාට වඩා අද ඒවාට යොමු වෙලා. විදේශීය කතාවක් ඇසුරින් නිර්මාණය වී විකාශය වන මුතු අහුර නාට්‍ය ඉතා ආසාවෙන් නරඹනවා. ඒ කතාවට මම හරි ආසයි.

ගීත එහෙමත් මේ දිනවල අහනවා කිව්වනේ... තදින්ම හිතට වැදුණු ගීතයක් තියෙනවද?

කොහොමත් මම අහන ගීත ටිකක් තියෙනවා. ඒ ගීත දිගටම ඇහුවා.

දුලානිට අද ජීවිතය දැනෙන්නේ කොහොමද?

එක එක කාලයට එක එක විදියට දැනෙන්නේ. අද හරිම කම්මැලියි. මේ ඒකාකාරී තත්ත්වය ඊට හේතුවයි.

එතකොට පේ‍්‍රමය දැනෙන්නේ?

පේ‍්‍රමය තිබෙන්නේ මගේ උගන්වන වෘත්තිය වෙනුවෙන්. ගුරු වෘත්තියෙ මම නියැළෙන්නෙ වඩාත් ගෞරවනීය සහ ආදරණීයවයි. බොහෝ ගුරුවරු ඒ විදියයි. ගුරු වෘත්තිය දිගටම කරන අතරේ කලා කටයුතු තෝරා බේරාගෙන කිරීම මගේ අරමුණයි.

දුලානිට  ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තිය තියෙනවද?

යම් කිසි බැ?රුම් අවස්ථාවක දී මුලදී දුක් වෙනවා, ඇඬෙනවා. ඒත් පසුව යථාර්ථය තේරුම් ගන්නවා.

ඉදිරි වැඩ කටයුතු කොහොමද?

ජනවාරි සිට කලාව නැවතත් පටන් ගන්නවා කියන ස්ථාවරයෙ ඉන්නේ. පසුගිය කාලයේ දී ළමා චිත‍්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා. සිහින සහ කිඞ්නැප් ඒ චිත‍්‍රපට දෙකයි. තවත් ටෙලි චිත‍්‍රපටයකත් රඟපෑවා.

සටහන / ජායාරූප : සඳුන් ගමගේ

20181210Dulani-1