‘මගේ අනෙකා’ My Other



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප ඉපදී අවුරුදු කීපයක් යනතුරු අප ඉපදී තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් පවුලකද, අප අදහන ආගම අදහන්නේ කුමක් නිසාද, යන කාරණා පිළිබඳ එතරම් වැටහීමක් නැත. එහෙත් වයසින් මුහුකුරායත්ම අප අපේ අනිකුත් ජාතීන්ට හා ආගම්වලට වෛර කරන්නට පටන් ගන්නේ සංසාරගත පුරුද්දක් ලෙසිනි. එහෙත් අපට අපේ අසල්වාසියා ගැන, අපේ අනෙකා ගැන දයාර්ථ බැල්මක් හෙළිය හැකිනම් මනුෂ්‍යයන් ලෙස වැදගත් වන ගුණාංගය එයම.

‘My Other’ (මගේ අනෙකා) කෙටි චිත්‍රපට‘යෙන් කතා කරන්නේ එකිනෙකා අතර පැවතිය යුතු සංහිඳියාව පිළිබඳවය. එකිනෙකා අතර පැවැතිය යුතු සහෝදරත්වය පිළිඳවය. කිසියම් කරදරයක් සිදු වූ විට දෙමළ, මුස්ලිම්, සිංහල‍ භේදයකින් තොරව අපගේ පිහිටට පැමිණෙන්නේ අපේ අසල්වාසියා බව මෙම චිත්‍රපටයෙන් හෙළිදරව් වෙයි. පසුගිය කාලයේ මහනුවර ප්‍ර‘දේශයේ සිදු වූ ආගමික ගැටුම් පදනම් කරගනිමින් ඒ දිනයේ කොළඹ සිදු වූ සිදුවීමක් චිත්‍රපට‘යෙන් දිගහැරේ.

  • රංගනය - හර්ෂණී හේරත් / අමිල චින්තක ගමගේ / නලීන් ගුරුගේ / සමීර සම්පත් / අනුරාධ හුලංගමුව / ලක්‍ෂ්මන් /
  • සහාය අධ්‍යක්ෂණය - නලීන් ගුරුගේ
  • සංස්කරණය - හසන්ත විජේනායක
  • නිෂ්පාදනය - ගමගේ නිෂ්පාදන පියස
  • තිර රචනය හා අධ්‍යක්ෂණය - අමිල චින්තක ගමගේ