“කතා කරන හීන” දැන් තිරගත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෝමලතා හේරත් මැණිකේගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “කතා කරන හීන” පසුගිය 15 දා සිකුරාදා සිට රිත්මා මණ්ඩලයේ සිනමාශාලා හි ප්‍රදර්ශනය කිරීමට ආරම්භ වුණි.
 
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා විසින් රඟ දක්වන අතර බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, ආනන්ද අතුකෝරල, අංජන අතුකෝරල, මනීෂා ශ්‍යාමලී, දිනුල් රන්සිත, බුද්ධික කළිඳු, රනිල් ප්‍රසාද් සෙසු චරිතවලට පණ පොවා තිබේ.
 
“කතා කරන හීන” තිර රචනය, ගීත රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සෝමලතා හේරත් මැණිකේ විසින් සිදු කර ඇති අතර කැමරාකරණය අජන්තා ඒකනායක, සංගීතය සුජිත් මිල්රෝයි සහ ප්‍රසන්න සුජීව, සංකරණය ඩිලාන් ගුණවර්ධන විසිනි.