ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190501Aravinda-1

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන උළෙල 25 වෙනි බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි Westin හෝටලයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

මෙහිදී පුද්ගල (Individual) සම්මාන කාණ්ඩයෙන්, Most Admired RJ with International Fame ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබමින් අරවින්ද ලොකුගේ මහතා දෙස් විදෙස් ගෞරවාදරයට පත්වුණා.

මෙහිදී ප්‍රවීන ඉන්දීය සිනමා අධ්‍යක්ෂක කරන් ජොහාර්, ජනප්‍රිය සිනමා නිළි කරීනා කපුර් සහ සිනමා නළු රන්බීර් කපූර් ද සම්මාන ලබා ගත් අතර ශ්‍රී ලාංකික ගුවන් විදුලි නිවේදකයෙක් මෙම සම්මානය හිමි කරගත් පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් රට තුල ඇතිවී තිබූ තත්වය හේතුකොටගෙන එම සම්මානය ලබා ගැනීමට ඔහු ඉන්දියාවට නොගිය අතර ඒ වෙනුවෙන් සකස් කරන ලද විශේෂ වීඩියෝපටයක් 
ඔවුන් වෙත යවා තිබුනා..පවතින තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ලෙසද ඔහු එම සභාවෙන් ඉල්ලා තිබුනා.