අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම සැප්තැම්බර් 23 ඇරඹේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීන රංගන ශිල්පිනි අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් සැප්තැම්බර් 23,24 සහ 25 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම සිනමා දැක්ම සෑම දිනකම සවස 5 ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ඇරඹේ.

තනි තටුවෙන් පියාඹන්න, මේ මගේ සඳයි සහ දැවෙන විහඟුන් එහිදී ප්‍රදර්ශනය කෙරෙන සිනමාපට යි.

රාවය කතෘ විමලනාත් වීරරත්න, ආචාර්ය ප්‍රභා මනුරත්න එහි දෙසුම් පැවැත්වීමට නියමිත ය.

අනෝමා ජනාදරී ප්‍රවීන රංගනවේදිනියගේ සිනමා ගමන් මග දෙස යළි හැරී බැලීමට අවස්ථාව හිමිකරදෙන සිනමා දැක්ම නොමිලේ පැවැත්වේ.           

20190917Anoma-1