අරවින්ද ඩෝරා ආදර කතාව ‘අඩෝ’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190919Dasun-1දෙයියන්ගේ මල්ලි ළඟ නැති මේ වෙලාවේ...

ආකාශ වස්තුවලින් අඬලා ගෙනාවේ...

අපි වැටෙනවා දැක දැක ජීවිත මුලාවේ...

කෝටි තිස්තුනක් දෙවිවරු හිනාවේ....

මෙහේ තවත් ඉන්න බෑ...

හිටියට වැඩකුත් නෑ...

බෝට්ටුවෙන් ඔසී යන්න යං...

....අඩෝ....

කාලෙන් කාලෙට ටෙලි පේ‍්‍රක්‍ෂකාගාරයට එකතුවෙන නිර්මාණ අතර කලෙකට පස්සේ සම්ප‍්‍රදායානුකූල ටෙලි නාට්‍යයකරණයට පිටින් නිර්මාණය වූ ”අඩෝ” මේ දිනවල පේ‍්‍රක්‍ෂයින්ට විඳින්න පුළුවන් වෙනස්ම අද්දැකීමකින් එළියට ආපු නිර්මාණයක් මේ වනවිට සියලූ කාර්යයන් නිම කරලා පේ‍්‍රක්‍ෂක ඔබට භාර කරලා තියෙන වෙලාවේ බෝට්ටුවෙන් ඔසී යන්න යන අරවින්ද සමග කතා කරන්න පුංචි වෙලාවක් අපි වෙන් කළා. ආදරය, දේශපාලනය වගේම කතා ගොඩක රස වින්දනාත්මක මොහොතක රස බලන්න නම් ‘‘අඩෝ’’ ඔබට නරඹන්නම වෙනවා.

මේ පේ‍්‍රක්‍ෂක ඔබ බෙහෙවින්ම ආදරය කරන මේ දිනවල අරවින්දගේ චරිතයෙන් කරලියට එන ඔහු දසුන් පතිරණයි.

 

‘‘අඩෝ’’ කියන්නේ දසුන්ට අනුව මොන වගේ අද්දැකීමක් ද?

මට අනුව නම් ‘‘අඩෝ’’ කියන්නේ වෙනස්ම විදිහේ පට්ටම ආතල් වැඩක්. සුපුන් රත්නායක මෙහි පිටපත් රචකයා. අධ්‍යක්‍ෂවරයා මට මේ ගැන කියනකොටම මේකේ අමුතුම ආතල් එකක් ඇති කියලා මට හිතුනා.

පොළවේ පය ගහලා ජීවත් වෙන්න දඟලන මිනිස්සුන්ගේ ජීවිත ගැන නිර්මාණ විදිහට එළියට එන්නේ හරිම අඩුවෙන්. ඒ විදිහට ආපු නිර්මාණ පට්ට හිට් වුණා වගේම ඒ නිර්මාණවලට දියයුතු සැලියුට් එක පේ‍්‍රක්‍ෂකයෝ ඒ විදිහටම දුන්නා. මම නළුවෙක් විදිහට ලබපු වෙනස් අද්දැකීමක් තමයි ‘‘අඩෝ’’ කියන්නේ.

 

‘‘අඩෝ’’ නිර්මාණයටත් ඒ සැලියුට් එක ඒ විදිහටම ලැබෙවිද?

‘‘අඩෝ’’ පේ‍්‍රක්‍ෂකයාගේ අතට දීලා තවම දින කිහිපයයි. මේ නාට්‍ය ඇතුළේ සමාජයේ බොහෝ පැතිකඩවල් ස්පර්ශ කරලා තියෙනවා කියලා කියන්න  ඕන.

තරුණ තරුණියන් එක්ක තියෙන ප‍්‍රශ්න මේ සිස්ටම් එක ඇතුළේ තියෙන අවුල ඒ අවුල නිසා මිනිස්සුන්ට ගන්න වෙන තීරණ ඒ තීරණ නිසා මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ත‍්‍රාසජනක අද්දැකීම බලපෑම හරි අපූරුවට ‘‘අඩෝ’’ තුළින් අරගෙන එනවා. මනුස්සකම් අමනුස්සකම් ආදරය විරහව විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හිතට ඇති වෙන්න පුළුවන් බොහෝ හැඟීම් එක්ක සාම්ප‍්‍රදායික රැුල්ලට වෙනස් වුණු නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඒනිසා ‘‘අඩෝ’’ කියන්නේ සැලියුට් එකක් ලැබිය යුතුම නිර්මාණයක් කියලා මම හිතනවා.

 

අරවින්දගෙත් ඩෝරාගෙත් ආදර කතාවට මැදිවෙලා හැදුනු ‘‘අඩෝ’’ නිර්මාණයේ අරවින්ද ගැන ඔබ යමක් කිව යුතුමයි.

දසුන් පතිරණගෙන් අරවින්දව සොයා ගන්න සුපුන් ගත්ත උත්සහයට ස්තුති කරනවා. මේක ඇතුළේ තියෙනවා අරවින්ද සහ ඩෝරා කියන ආදර කතාව. එක තැනකදි සුපුන් අතින් ‘‘අඩෝ’’ කියලා ලියවෙන්නේ මේ ආදර කතාව නිසා. අරවින්ද ගැන මමම කියනවට වඩා ටෙලි නාට්‍යය බලලම රසවින්දොත් මම හිතන්නේ එකේ රසය වැඩියි. විශේෂයෙන් කියන්න  ඕන කාලෙකට පස්සේ ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණ දක්‍ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප‍්‍රමාණයක් ‘‘අඩෝ’’ නිර්මාණය සඳහා දායක වුණා. සුපුන් රත්නායක කියන්නේ ආදරේ ගැන ගැඹුරින්ම ලියන එකෙක්. ආදරය වගේම ත‍්‍රාසජනක හරිම සුන්දර අද්දැකීම් ටිකක් ‘‘අඩෝ’’ හරහා අපි ලබාගත්තා.

ගාල්ල මාතර අතර දූපතක තමයි මෙහි රූගත කිරීම් කළේ. බහුදින ධීවර යාත‍්‍රාවක ගමන් කරමින් දූපතක දින විසි එකක් රූගත කිරීම් කරන්න අපට සිද්ධ වුණා. ඒ විදිහට ජීවිතේ ලබපු වෙනස්ම අද්දැකීම් රසබර කතා ඉතින් ගොඩක් තියෙනවා.

 

ඉතින් ඉදිරියට මොනවද අලූත් වැඩ...

ඉන්දික ධර්මන්ක අධ්‍යක්‍ෂවරයාගේ ගිරි දේවි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. පසුගිය දවස්වල සහරාන් නිසා වැඩ ඔක්කොම ඇන හිටලා. දැන් ටික ටික නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා.

ඊට අමතරව මේ දවස්වල ‘‘අඩෝ’’ ටෙලි නාට්‍යයේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙනවා. මේ මස 20 මගේ ඊළඟ සිනමා නිර්මාණය තිරගත වෙනවා. ‘‘හුස්ම’’ මේක සුරේෂ් සුදන්ත පීරිස්ගේ නිර්මාණයක්. ‘‘හුස්ම’’ එක්ක මේ මාසේ 20 වැනිදා මුණගැහෙන්න බලාගෙන ඉන්නවා.

20190919Dasun-2

ඇයි දසුන් දැන් වේදිකාව මගඇරලා තියෙන්නේ.

මගඇරලා නැහැ ආරාධනාවන් ගොඩක් එනවා. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට නිසා පහුගිය කාලේ නම් කාල වෙලාව තිබුණේ නැහැ. ඒ නැතත් වේදිකා නාට්‍ය පිටපත් අරන් එන අය කියන්නේ රට වටේම යනවා මේක බයවෙන්න එපා කියලා රට රටවල්වල යන්න මට වේදිකා නාට්‍ය කරන්න  ඕන නැහැ.

දැන් තියෙන්නේ හොඳ නිර්මාණවලට වඩා රට රටවල්වල දුවන්න බලාගෙන කරන වේදිකා නාට්‍යය. හොද වේදිකා නාට්‍යයක් කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.

 

දසුන්ට දැන් සම්මානවලින් නම් අඩුවක් නැහැ නේද?

ලංකාවේ සිනමා නිර්මාණ සඳහා පවත්වපු සෑම සම්මාන උළෙලකම මට හොඳම නළුවා, නැගී එන නළුවා සම්මානය ලැබිලා තියෙනවා. අවසානයටම මට සම්මානයක් ලැබුණේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය. කරපු වැඬේට ඇගයීමක් ලැබීම ගැන සතුටුයි. හැබැයි මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මේ ලැබුණු සම්මානවල ගෞරව නාමය මම පුදදෙන්නේ මගේ පේ‍්‍රක්‍ෂකයින්ට.

 

දැන් ඔබ දෙදරු පියෙක්?

ඇත්තටම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. දවස් ගණන් එළියේ ඉන්න බැහැ. ෂූටින් ගියත් ඉක්මනට ගෙදර දුවන්න තමයි බලන්නේ. මනසට නිදහස දෙන එකම තැන තමයි මගේ දරුවෝ දෙන්නා ඉන්න තැන.

 

මේ සිස්ටම් එක ඇතුලේ විවාහය කියන දේ ගැන වෙනස් විදිහට හිතපු කෙනෙක් ඔබ?

ඔව්. දෙන්නෙකුගේ සම්බන්ධයක් කොළයකට සීමා කරන්න බැහැ. ගිවිසුම් ගහන්නේ දේපලක් මුදලක් බෙදා ගන්න ලොබබඳින කෑදර මිනිස්සු. ලක්‍ෂ ගාණක් වියදම් කරලා අවුරුද්දෙන් ඩිවෝස් වෙනවා. ලෝකෙට පේන්න වෙඩින් කරපු නිසා සමහර අය ලැජ්ජාවට තේරුමක් නැතුව පවුල් කනවා. පවුල් ජීවිතේ ආතල් එකක් නැතුව ලෝකෙට පේන්න ජීවත් වෙන්න  ඕන නැහැ. මට කසාද බඳින්න ගියේ රුපියල් 3000යි. ඒ බැන්දෙත් දරුවන්ගේ පාසල් කටයුතුවලට විදේශගත වෙන වීසා කටයුතු කරගන්න පහසු නිසා. අපි දෙන්නත් මේ ඉන්න විදිහට සතුටෙන් ආදරෙන් හිටියොත් අවුරුදු 30ක් 40ක් ගිහින් දරුවොත් එක්කම වෙඩින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.

 

නදීශා අතුකෝරළ

ඡායාරූප - සුමුදු හේවාපතිරන

20190919Dasun-3