මම ලියපු වචන වුණාට මටම ලැජ්ජයි ඒ වචන කියන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පැය 23ක් තුළ මිලියනක් බලපු 'සුදු අම්මියා' ගැන අනුෂ්ක කියයි

 

20191104Anushka-1සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වීඩියෝවක් ලෙස 'වස්ති' නිර්මාණය කරනු ලැබූ 'Interview' වීඩියෝව හැඳින්විය හැකිය. දිනකට අඩු කාලයක් තුළදී මිලියනයක විව්ස් ප්‍රමාණයක් ඊට හිමි වූ අතර, එම වීඩියෝවේ තිබූ 'සුදු අම්මියා' ගීතයද විශාල ජනප්‍රියත්වයට පත් විය. ඒ පිළිබඳව කතා බහ කිරීමට  'වස්ති' කණ්ඩායමේ නිර්මාණකරුවා වන අනුෂ් උදාන මෙලෙස අප සමග එක්විය.

වැඩියම ජනප්‍රිය වුණේ 'Interview' ද? එහෙම නැත්නම් 'සුදු අම්මියා'ද?

ඒකේ චරිතයක් විදිහට මගේ තඩියාගේ (දුලාජ්) චරිතයට වඩා මිනිස්සු අතර හැමතිස්සෙම රැඳුණේ 'සුදු අම්මියා' කියන සිංදුව. ඒක මමවත් හිතපු නැති තරම් ඒක Reach වුණා. BBC Top Chart එකේ මේ සිංදුව Play වුණා. මේක Episode එකකට වඩා ඒ සිංදුව මිනිසුන් වැළඳගන්න හේතුව තමයි මිනිස්සු ගොඩක් මේ මෑත කාලයේ ආපු සිංදු එක්ක තිබ්බ ඇරියස් එක කියලා මම හිතනවා. ඒකට Episode එකක්ම අවශ්‍ය නැහැ සිංදුව හිට් වෙන්න.

ඇයි මේ ගීතය Episode එකක් විදිහට කරන්න හිතුවේ? ගීතයක් විදිහට එළිදක්වන්න තිබුණා නේද?

අපි ගිය පාර සැලොන් වීඩියෝ එකේ ඇවිදන් එන එකට Trap Music එකේ Sound Track එකක් මම හැදෙව්වා. ඒක කළේ යුකී. මේකෙත් අපි මේකප් කරලා, මුළු ඇඟම වැක්ස් කරලා, අපේ රැවුල් කපලා ලොකු කැප කිරීමක් කරපු එකේ මට පළවෙනි Entrance එක මට වැඩිපුර පෙන්වන්න ඕන නිසා තමයි Slow Motion Shoot කළේ. මිනිස්සුන්ට අපි දෙන්නගේ features  විනාඩියක් විතර පෙන්වනවා කියලා මම හිතුවා. ඒ විනාඩියට මම වෙන Music Composer කෙනෙක් එක්ක කතාකරගෙන ඉන්නකොට ඒ වැඩේට මට කල්පනා වුණා සිංදුවක් හදනවා කියලා. ඒ වීඩියෝ එක Slow Motion දැක්කාම දැන් යන සිංදුවල ජාතියේ ගැලපෙන Movements තියෙන්නේ කියලා. මම එවෙලෙම ගත්තා චමත්ට. මම අරගෙන කිව්වා, &ඔයා මැරුණොත් මම නෑ*, &මේ භවේ බැරි නම් ඊළඟ භවේ හම්බවෙමු* වගේ වචන ටිකක් දාන්න ඕනා මට ඒකට Melody එකක් දාලා එවන්න කියලා. එතන සිංදුවක් නෙමෙයි හැදුවේ. තඩියා (දුලාජ්) එන කෑල්ලකට එක කෑල්ලකුත්, මම එන කෑල්ලට තව කෑල්ලකුත් තමයි හැදුවේ. හැබැයි මතකේ හිටින කෑල්ලක් එක්ක හදනවා කියලා හිටියේ. මට සිංදුව ලියන්න පැයක් දෙකක් විතර ගියා, හැබැයි මට Melody එක ඇවිල්ලා මම දවස් තුනක් විතර එක දිගට කල්පනා කෙරුවා. මොනාවාද මේකට ලියන්නේ කියලා. ඒ වෙද්දී Interview වීඩියෝ එක Shoot කරලත් ඉවරයි. කොහොමහරි ඒ දෙක හදලා සම්පූර්ණ කළායින් පස්සේ තමයි Composer කිව්වේ සිංදුවක් විදිහට අපි එළියට ගමු කියලා. ඊට පස්සේ තමයි Professional Flute Players දාලා, Professional Guitar Players දාලා Professional විදිහට මම ඒක හැදුවේ. අවසානයේ මේක මගේම වෙනම Youtube Channel එකක ^සුදු අම්මියා^ කියලා දැම්මා. ඇත්තටම මේ සිංදුවට Ringing Tone Numbers දැම්මේ ඒ සිංදුවට තියෙන Flow එක ගන්න. මොකද මේ සිංදුව බලන කට්ටියට හිතෙන්නේ ඒක ඒ ජාතියේ සිංදුවක් කියලා. ඒකට ඕන වුණා Ringing Tone වලට දාන්න නමක්. එතකොට තමයි මම %සුදු අම්මියා^ කියන නම දුන්නේ. මේක Episode එකක් විදිහට දාලා මගේ චැනල් එකේ සිංදුවක් විදිහට නොදැම්මාට, ඒකේ තියෙන කෑලි එකතු කරලා මේක සිංදුවක් කරලා යූටියුබ් කරන අය ආයේ දානවා. මං ඒක නවත්වන්න තමයි සම්පූර්ණ Content එක සිංදුවක් විදිහට එක පාර දැම්මේ.

මෙම නිර්මාණ දෙක විශාල ජනප්‍රියත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණා. එය බලාපොරොත්තු වුණාද?

නැහැ. කොහෙත්ම නැහැ. මම වැරදිද දන්නේ නැහැ. මම වැරදි කතාවක්ද දන්නේ නැහැ කියන්නේ. මගේ දැනුමේ හැටියට මිලියන එකක් පැය 23 න් ගිය එකම වීඩියෝ එක තමයි Interview වීඩියෝව. මම දන්නේ නැහැ වෙන කාටවත් එහෙම ලැබුණද කියලා. මම දන්න විදිහට එහෙම විව්ස් ගිය එකම චැනල් එක තමයි 'වස්ති'. වෙන කාටහරි ගිහින් තියෙනවා නම් මම ඒ සම්බන්ධව දැනුවත් නැතුව ඇති. මම ඇත්තටම මේ සිංදුව මෙච්චර දුර යයි කියලා හිතුවේ නැහැ. අද Wedding වල Play කරනවා, Outdoor වලට Play කරනවා. මමත් ගියාම ප්‍රසංගවලට මටත් ඒ සිංදුව කියන්න කියනවා. මම ලියපු වචන වුණාට මටම ලැජ්ජයි ඒ වචන කියන්න. ඒ තරම් කැතයි ඒ වචන. පුද්ගලිකව උපරිම තෘප්තිමත් පැය 23න් මිලියනයක් විව්ස් ගිය එකට. මිනිස්සු ආසාවෙන් අහනවා. තමන්ට කියා ගන්න බැරි දෙයක් මම මොකක් හරි විදිහට කිව්වා කියලා තමයි කියන්නේ. ගොඩක් Comment වල දැකපු දෙයක් තමයි, &විසෙන් විස නසලා* තියෙනවා කියලා. ඒ වගේම &ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපලා තියෙනවා* කියලා වගේ ප්‍රතිචාර ගොඩක් තියෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

20191104Anushka-2 20191104Anushka-3