ශාක්‍යා පීරිස්ගෙන් ‘අපි එක වගේ’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191107musicvideo-1

සමනල තටුවක සංයුක්ත තැටිය හරහා ළමා ගායන ශිල්පිනියක් ලෙස ගායනා ලොවට පිවිසි ශාක්‍යා පීරිස්ගේ නවතම ගීතය අපි එක වගේ නමින් මියුසික් වීඩියෝවක් ලෙස එළි දක්වා ඇත. කාලීන අවශ්‍යතාවයක් ලෙස දකින ජාතික සංහිඳියාව අලලා නිර්මාණය වූ මෙම ගීතය අවන්ත ප‍්‍රනාන්දු විසින් පද රචනය කර ෆර්හාන් ශාන් විසින් සංගීතය නිමවා ඇත.

චතුර උඩවත්තගේ රූප රචනයෙන් හැඩවුණු මෙම ගීතය රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලයෙන් රසවිඳීමේ හැකියාව දැන් උදාවී ඇත.

ශෙහාන් ගලහිටියාව පද රචනය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ අම්මා ගීතය ඇය විසින් පසුගිය වසරේ එළි දක්වනු ලැබිණි. අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින ඇය ඉතාලියේ මිලානෝහි ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පාසැලේ ඉගෙනුම ලබයි. අපි එක වගේ ගීතය සම්පූර්ණ වශයෙන් රූගත කර ඇත්තේ විදේශ රටකදී වීම විශේෂත්වයකි.

 

කපිල සිල්වා

20191107musicvideo-2