සම භාග අහිමි කරුමයේ වින්නැහිය - විෂම භාග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200109Vishwa-(1)

ශ‍්‍රී ලංකාවේ යුද්ධය හා සමාන ලෙසින්ම පුද්ගලයන් මරණයට පත්කළ ප‍්‍රබලතම රෝග රටාවක් බවට පත්වී ඇත්තේ වකුගඩු රෝගය බව පැහැදිලි වේ. මේ පිළිබඳ ගොඩනැගෙන සවිඥානික බව ශ‍්‍රී ලාංකීය සමාජය සඳහා පමණක් නොව විදේශීය බුද්ධිමය සහ ප්‍රේ ක්ෂක ප‍්‍රජාවට ද වැදගත් බව ලලිත් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණය සහ තිර පිටපත මගින් සිනමාවේදයට එකතු වෙමින් සම්මාන වරුසාවක් මගින් ශ‍්‍රී ලංකාවට පැමිණි විෂම භාග චිත‍්‍රපටයට ලද ප‍්‍රතිචාර මගින් අවබෝධ කරගත හැකි වේ. ලලිත් රත්නායකයන්ගේ සද්භාවීය ප‍්‍රකාශන අතර එකක් පමණක් වන මෙය අතිශය වැදගත් සම්භාවනීය සමාජ මෙහෙවරක් සිදුකරන්නක් පමණක් නොව ප‍්‍රබල පණිවුඩ ද සමාජගත කරන, අර්බුදකාරී සමාජය තුළ  මිය නොයන වඩාත් ශක්තිමත් රචනාවක් බවට මේ වනවිටත් පත්වී අවසන්ය. 

සමාජ සත්කාරක සිනමාපට ශ‍්‍රී ලාංකේය සමාජය තුළින් සොයාගත හැකි ද යන ගැටලුව අප අතර පවතී. මේ පිළිබඳ ශ‍්‍රද්ධා රෑපවාහිනී නාලිකාව සහ ඒ හා සබැඳි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මඟ පෙන්වීම ඇති බව පැහැදිලි වන්නේ ශ‍්‍රී ලාංකේය සමස්ත සමාජ ගැටලු සහ අර්බුද අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලාගේ ක‍්‍රියාකලාපය අතීතයෙහි ප‍්‍රබල ක‍්‍රියාවලියක් බවට පත්ව තිබූ බැවිනි. සමාජ අර්බුද සහ ගැටලුවල දී භික්ෂූන්ගේ නායකත්වය තවමත් අප සමාජයට වැදගත් වන්නේ ඒ තුළ එම අර්බුද සහ ගැටලුවලින් නිදහස් වීමේ හැකියාව එහි ඇති බැවිනි.

20200109Vishwa-(2)

ඒ අනුව සිනමාව සහ කලාව පිළිබඳ ප‍්‍රවීණයෙකු වන ලලිත් රත්නායකයන්ගේ අදහස් සහ දෘෂ්ටිවාදී සංකල්පයන් මූලිකව රචනා වූ විෂම භාග සිනමාව මෙතෙක් බිහිවූ චිත‍්‍රපටයන්ට ද මග පෙන්වන්නක් පමණක් නොව පණිවුඩය සමාජගත කිරීමේ දී සිනමා තිරය භාවිත කළ යුත්තේ කෙසේද යන පාඩම ද සිනමාව තුළින් සිනමාවට ලැබීම ද වැදගත්ය. සිනමාව යන්න සෞන්දර්ය කලාවේදය තුළ  පමණක් අර්ථවත්  වන්නක්  නොවේ.  එය එහි  එක් ප‍්‍රබල පැතිකඩක් පමණක් වන අතර එය පණිවුඩය නිවැරදිව සමාජය දක්වා ගෙන යාම සඳහා ගොඩනගන කේන්ද්‍රීය මූලයක් බවට ද පැහැදිලි වේ.  ඒ අනුව සිනමාව තුළ පමණක් නොව අනෙකුත් සාහිත්‍ය සහ ගීත කලාවන් ආදිය තුළ ද ප‍්‍රධානතම සමාජ කාරණාව බවට පරිවර්තනය වන්නේ පණිවුඩය සහ එය සමාජගත කරන  කාලය පමණකුත් නොව කිනම් ග‍්‍රාහකයන්ට ද යන වග මෙන්ම පණිවුඩයෙහි ශක්තිමත් බව ද  ප‍්‍රබල වන බව මෙහිදී අප තේරුම් ගත යුතුය. ඒ අනුව ඕනෑම නිර්මාණයක ප‍්‍රබලතම සහ ශක්තිමත්ම සමාජ කාරණාව බවට පරිවර්තනය වන්නේ පණිවුඩය යන්නයි. එම වස්තු විෂය සමාජයෙහි යථාර්ථය හෙවත් සත්‍යතාව සමඟ සම්බන්ධ විය යුතුය. ඒ අනුව ලලිත් රත්නායකයන් සිනමාව තුළ ගොඩනගන විෂම භාග ශ‍්‍රී ලාංකේය මානව සමාජ ක‍්‍රියාවලිය තුළ ගොඩනැගෙන විෂම භාග බව පැහැදිලි වේ. ඒ අනුව විෂම භාග ඉදිරියෙහි සිටින ප්‍රේ ක්ෂකයා දකින්නේ අන් කවරෙකුවත් නොව තමා සහ තමා අවට සිටින ප‍්‍රජාව සහ පරිසරය බව ඔහුට පැහැදිලි කරගැනීමට හැකියාව ලැබේ. මෙය ප්‍රේ ක්ෂක ප‍්‍රතිචාර සඳහා සරල නිර්මාණාත්මක ක‍්‍රියාවලියක් නොවන බව ද විෂම භාග තුළින් පැහැදිලි කරගත හැකිය. සිනමාව පිළිබඳ න්‍යාය සහ සංකල්ප ප‍්‍රායෝගික තලයකට ඔසවා තැබූ සිනමාවේදී චිත‍්‍රපට දුබල වන්නේ සිනමාව මගින් විනෝදාස්වාදයම ලැබ්ය යුතුය යන හැඟීම් සිනමාවේදීන් විසින්ම සමාජයට විඥානගත කොට ඇති බැවිනි. අනෙක් අතට සිනමාව මගින් විනෝදාස්වාදය ලැබ්ය යුතුය යන හැඟීම සිනමාවෙහි ජනප‍්‍රිය සමාජ කාරණාවක් බව පැහැදිලිය. ජනප‍්‍රිය සමාජ කාරණා තුළ පමණක් සිනමාවට පැවතීමට ද නොහැකිය. සිනමාව සිනමාවේ වගකීමෙන් බැහැර කිරීමට සිනමාව බලපෑ යුගයක සිනමාවෙහි ස්වරූප වෙනස්කොට සිනමාව කියවීම පිළිබඳව ද විද්‍යාත්මක ලෙස ගොඩනැඟුණු හැඩහුරුව මෙම සිනමාපටය මගින් සමාජ ගතවන අයුරු පැහැදිලි කරගත හැකි වේ. මෙය ලලිත් රත්නායකයන්ගේ චින්තනයේ හැඩරුව බව ද අපට පැහැදිලි කර ගැනීමට හැකිය. ගණිතයෙහි විෂම භාගයක මූලික ලක්ෂණය වන්නේ එය එම සංඛ්‍යාත්මක ක‍්‍රමවේදය තුළට  සමපාත නොවීම පමණක් නොව එය සමපාත කර ගැනීම සඳහා තව ද ගණිතමය සංකල්ප හෙවත් අදාළ උපක‍්‍රම භාවිතයට ගැනීමට සිදුවීමයි. ඒ සඳහා එම ක‍්‍රියාවලිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණහොත් එම ගැටලු නිරාකරණය කර ගත හැකිවනවාක් මෙන්ම සමාජය තුළ ගොඩනැගෙන අර්බුද තුළින් ප‍්‍රජාව ගලවා ගැනීමට නම් ඒ පිළිබඳ දැනුමක් අත්‍යවශ්‍ය වන බව මෙහි ප‍්‍රබල අරුත බවට පත්වෙනවා පමණක් නොව එය සමාජ ගැටලු පිළිබඳ රාජ්‍ය පාලකයන්ගේ අවබෝධය ගොඩනැංවීම සඳහා ද වැදගත් වන බව පැහැදිලි වේ.

20200109Vishwa-(3)

මෙම චිත‍්‍රපටය තුළ ගොඩනංවන ප‍්‍රධාන මිනිසා විසින් මිනිසාට එරෙහි විය හැකි විවිධ ක‍්‍රමවේද තිබෙන බවත් මේ තුළ පැහැදිලි වේ. ලෝකයෙහි තාක්ෂණික ධනවාදයෙහි ප‍්‍රබල බව මෙම චිත‍්‍රපටය තුළින් පැහැදිලි වනවා පමණක් නොව එය ආක‍්‍රමණශීලී ස්වරූපයකින් සමස්ත මිනිසා පමණක් නොව පරිසරය ද බිලිගනිමින්  පරිසරය ද මිනිසාට  එරෙහි කිරීමට පදනම සකස් කරන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව බටහිර නිෂ්පාදිතයන් සහ එහි ක‍්‍රමවේද මගින් වෙළඳපල අධිකාරිය පමණක් නොව ආර්ථික සහ සමාජ සංස්කෘතික අධිකාරිය ද කේන්ද්‍රගත කරගනිමින් ප‍්‍රබල ලෙස අප වැනි රටවල් පීඩාවට පත් කරන ආකාරය මෙම සිනමා රචනාව තුළ ප‍්‍රබල ලෙස සටහන් කොට ඇත. අනෙක් අතට මෙම සිනමාව පාරිභෝගික අවකාශ කපාකොටා දැමීමක් සිදු නොකරන අතර සංස්කෘතික සීමාවන් ද අභිභවනය නොකරමින් සංස්කෘතියෙහි පීඩාවන්  පිළිබඳව ද   ප්‍රේ ක්ෂක ප‍්‍රජාව දැනුවත් කිරීමට දරන උත්සාහය ඉතා ශක්තිමත්ය. ඒ අනුව මෙම  සිනමාවෙහි සංස්කෘතිය පිළිබද කාරණා මගින්  සංස්කෘතිය අභියෝගයකටත් වඩා විචාරශීලී ප‍්‍රවේශයකට අවශ්‍ය මානසික ගොඩ නැංවීම් සිදු කිරීම කරන ආකාරය ප‍්‍රශංසනීයය. එහෙත් ඒ තුළින් සංස්කෘතිය ප‍්‍රතිනිර්මාණය නො කිරීමක් ද සිදුවන අතර එය පශ්චාත් නූතනවාදී සමාජ ක‍්‍රියාවලියෙහි ප‍්‍රබල සමාජ කාරණාවක් බවට ද පත්වේ. සිනමාවෙහි රම්‍යතාව ද සංස්කෘතිය ප‍්‍රතිනිර්මාණය නොකරමින් ගොඩනැංවීම මෙහි ප‍්‍රබල අර්ථයක් වන්නේ වරෙක සංස්කෘතිය ද දැඩි  පීඩාකාරී ස්වරූපයකට පුද්ගලයාව පත් කරවන බැව් අවබෝධ කරවමිනි.  
මිනිසාට මිනිසා ඉදිරියෙහි නිවැරදිව නැගී සිටීමට නම් ඔහු විචාරශීලී කෙනෙකු පමණක් නොව සබුද්ධික මිනිසෙකු බවට ද  පත්විය යුතු බව මේ තුළින් පැහැදිලි වේ.  බොහෝ සෞන්දර්යවාදී නිර්මාණ මගින්  මිනිසාගේ නිර්මාණාත්මක මානසික සිතියම බිඳ දමා ඇති අවධියක නිශ්චිත ජීවන දෘෂ්ටියකට අදාළ ප‍්‍රවේශය මේ තුළ නිර්මාණය කිරීම සිදුවන අතර මිනිසා බරපතළ ලෙස අන්සතුකරණය වෙමින් ගොදුරු බවට පත්වී ඇති බව ද පෙන්වා දෙයි.

20200109Vishwa-(5)

සමාජ සංවර්ධනයෙහි ප‍්‍රබලතම සමාජ කාරණාවක් බවට අධ්‍යාපන පත්වන අතර එය සිසු කේන්ද්‍රීය යැයි ප‍්‍රතිපත්ති සහ සැලසුම් නිර්මාණය කළත් ඒ තුළ තවදුරටත් වැඩවසම් ආකෘති ගොඩනැගී ඇති ආකාරයත්, ඒ තුළ දරුවන්ව පීඩාවට පත් කරමින් ඔවුන් තම ඉලක්ක තුළින් ඉවත් කිරීමට හේතු වන ආකාරයත් පෙන්වා  දෙයි. ගුරුවරයාගේ මඟ පෙන්වීම තුළ මිනිසෙකු නිර්මාණය වන අතර එය සජීවී නොවන්නේ ගුරු භූමිකාව තුළ කේන්ද්‍රගත වන විෂය නැමැති කාරණා තුළින් පමණක් නොවන බවත් විෂය මූලිකව මිනිසෙකු ලෙස මිනිසාව නිෂ්පාදනය කළ යුතු බවටත්  ප‍්‍රබල හැඟවුමක් මේ තුළ ගොඩනංවයි.

ඒ නිසා ගුරුවරයාගේ ප‍්‍රසන්න බව දරුවා ඉදිරියෙහි ගිලිහෙන ආකාරය පමණක් නොව සෞන්දර්යවාදී ක‍්‍රමවේද මගින්  දරැවා ගිලිහෙමින් දරුවා කෘත‍්‍රිම ආකෘති තුළට කේන්ද්‍රගත කරවමින් විෂය මගින් විෂය එපා කරවන ක‍්‍රමවේදයකට අනුගත කරනවන ආකාරය පැහැදිලි කරයි. විද්‍යාව, විද්‍යාව තුළින් හෝ ගණිතය, ගණිතය තුළින් හෝ ඉගෙනුම් ක‍්‍රමවේදයට වඩා විද්‍යාව සහ ගණිතය වැනි විෂයන් සෞන්දර්යවාදී විෂය කේන්ද්‍ර තුළ ඉගෙනුම් ක‍්‍රම ගොඩනැංවීමෙහි හැඟවුම සරල නොවන්නේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදකයන්ට ද සිතීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් සම්පාදනය කරමිනි.

වර්තමානයෙහි සිසු කේන්ද්‍රීය යනු අධ්‍යාපනයෙහි ව්‍යාජය ප‍්‍රායෝගික කිරීමක් වන අතර අනික්් අතට වැඩවසම් ආකෘති තවදුරටත් අධ්‍යාපනය තුළින් දාරක මනස දක්වා ගෙන යාමකි. මේ නිසා මේ පිළිබඳ ගැඹුරු කතිකාවන් ගොඩ නැංවීම සමාජයට අවශ්‍ය කරන යුගයක මෙවැනි ප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය මගින් මෙම හඬ විවර කිරීමට දරන උත්සාහය සමාජයෙහි සැමගේ ප‍්‍රශංසාවට ලක්විය යුතු කරුණක් වන්නේ  සෑම දෙනකුම සංවර්ධනය බලාපොරොත්තුව නිසා පමණක්ම නොව තමාගේ දරුවන් වුව ද නිවැරදි ප‍්‍රවේශයට අනුගත කිරීමට අවශ්‍ය ක‍්‍රමවේද සොයමින් පවතින බැවිනි. මෙලෙස පණිවුඩ සමාජගත කිරීම සහ එහි ක‍්‍රමවේද මිනිස් ශිෂ්ටත්වයේ ගොඩනැංවීම සඳහා ද හේතුවන බව අප තේරුම් ගත යුතුය. මෙවැනි සිනමා යුගයේ අවශ්‍යතාවක් බවට පත්වනවා පමණක් නොව කලාවේ අර්ථයන් ද ප‍්‍රබල විපර්යාස කාරණයකට ලක් කිරීමට හේතුවන බව ද පැහැදිලි වේ.

 

► Text - Dr. Darmakeerthi Sri Ranjan

20200109Vishwa-(6) 20200109Vishwa-(7) 20200109Vishwa-(8) 20200109Vishwa-(9) 20200109Vishwa-(10)