‘මෙහෙවර’ කණ්ඩායම ලබපු ජයග්‍රහනය ගැන ඉතාමත් සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රතිඳු සේනාරත්න නොහොත් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ජනප්‍රියම තරුව බවට පත්ව ඇති ‘රැට්ටා’ පසුගියදා සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරනු ලැබුවා. මේ කාර්යය පිළිබඳව සහ සමාජ මාධ්‍ය යහපත් මාවතක් වෙනුවෙන් ගෙන යාමට වෙර දැරීම සම්බන්ධයෙන් කතා බහ කිරීමට අප ඔහුව මෙලෙස සම්බන්ධ කර ගනු ලැබුවා.

20200109Rathidu-3මොකක්ද මේ ‘මෙහෙවර’?

මෙහෙවර ආරම්භ වුණේ යම් කිසි සිදුවීමකින්. මගේ යූටියුබ් චැනල් එක එකපාරටම නැති වුණා.  මම අවුරුදු තුනක් තිස්සේ ගොඩ නගා ගත්ත දේ නැතු උනාම ‘උස්සලා පොළේ ගැහැව්වා’ වගේ හැගීමක් තමයි එදා එක පාර දැනුනේ. ඒ නැති වුණ වෙලාවේ මගේ ආදරණීය රසික පිරිස මාව අත අරින්නේ නැතුව එක රැයකින් සබ්ස්ලා හැත්තෑදාහක් ඉන්න අලුත් යූටියුබ් චැනල් එකක් හදලා දුන්නා මට බිංදුවේ ඉඳලා පටන් ගන්න. එහෙම හදලා දුන්නට පස්සේ මගේ පරණ චැනල් එක නැවත ලබා ගන්න පුළුවන් වුණා. ඒදේ පුළුවන් වුණාම ඇතැම් සීමිත පිරිසකට සැකයක් තිබුණු අලුතින් චැනල් එකක් හදා ගන්න ඕනේ කමටද හිතාමතාම චැනල් එක නැති කර ගත්තාද කියන සැකයක් මතු වුණා. ඒ අය කිව්වා චැනල් එකක් හදා ගන්න රැට්ටා නාට්‍යයක් කලේ කියලා. දැන් හම්බ කර ගන්න ක්‍රම දෙකක් තියෙනවා චැනල් දෙකක් තියෙන නිසා වගේ කතා හදන්න පටන් ගත්තා. ඔය ඔක්කෝම පසුබිමත් එක්ක සමාජය මට වැටිච්ච වෙලාවේ දුන්න තෑග්ග එක්ක ඒ දෙය සමාජය යහපත වෙනුවෙන් යොදවන්න ඕනා කියන දේ. එය ‘මෙහෙවර’ කියලා නම් කරලා ඒ තුළින් දිගටම සමාජ සුබසාධක කටයුතු කරන්න කියලා තීරණයක් ගත්තා. ඒකට කණ්ඩායමක් ගොඩ නැගුවා. ‘මෙහෙවර’ සුභ සාධක කටයුතු කරන්න දැන් කණ්ඩායමක් ඉන්නවා.

පලමු සමාජ ‘මෙහෙවර’ ගැන කිව්වොත්?

අපි කරපු පළවෙනි ‘මෙහෙවර’ තමයි නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානයේ (ජාතික ලේ බැංකුවේ) අපි සංවිධානය කලා ලේ දන්දීමේ කඳවුරක්. සිකුරාදා දවසක වැස්සත් එක්ක අපි ගෙන්නුවා 350 කට අධික රුධිකදායකයෝ ගෙන්වලා සමාජ මාධ්‍ය කියන දේ සමාජ යහපත වෙනුවෙන් කොයි විදිහටද යොදා ගන්න පුළුවන් කියන දේ අපි සමාජයට පෙන්නුවා. අපි ඒ තුළින් අලුත්ම ට්‍රේන්ඩ් එකක් ඇති කලා මේ ‘මෙහෙවර’ ව්‍යාපෘතියෙන්. අප්‍රේල් 21 වැනිදා සිද්ධියට ලේ දෙන්න ආපු පිරිසට පස්සේ, විශාලතම පිරිසක් ජාතික රුධිර මධ්‍යස්ථානයට එකතු වෙච්ච දවසක් තමයි අපේ කඳවුර දවස. එහි වෛද්‍යවරුන් විසින්ද අගය කරනු ලැබුවා. එහි විශේෂිතම කරුණ තමයි හැමදාම ලේ දෙන රුධිරදායකන්ට අමතරව 60% ත් 70% අතර සහභාගී වුණේ ප්‍රථම වතාවට ලබාදෙන රුධිරදායකයන්. අපිට පුළුවන් වුණා ඒ චැනල් එක තුළින් ට්‍රෙන්ඩ් එකක් ඇති කරන්න පුළුවන් වුණා සමාජයට මෙහෙවරක් කරන්න. ‘මෙහෙවර’ කණ්ඩායම ලබපු ජයග්‍රහනය ගැන ඉතාමත් සතුටුයි. ‘මෙහෙවර’ විසින් ඒ ආකාරයෙන්ම ඊට වඩා දේවල් කරන්න බලා පොරොත්ත්තු වෙනවා.

සම්මාන කිහිපයක් සඳහ ඔබව යෝජනා වෙලා තියෙනවා නේද?

ඔව්, සමාජ මාධ්‍ය දැන් ප්‍රධාන මාධ්‍ය ධාරාවට පත්වේ ගෙන එන කාලවකවානුවක තමයි අපි මේ ඉන්නේ. ඉතිං එහෙම වකවනුවක සමාජ මාධ්‍යකරුවෝ කර්මාන්තයට දෙන දෙවල් සහ ඔවුන් විසින් මෙම කර්මාන්තය වෙනුවෙන් කරන නිර්මාණ අගයන එක ඇත්තටම හොඳ කරුණක්. එවැනි ආකාරයේ සම්මාන ලබා දීලා ඔවුන්ව ඉස්සරහට ගෙන ඒම සහ ඔවුන් දිරිමත් කිරීම ඇත්තටම හොඳ දෙයක්. පසුගිය කාලයේ පොඩි පොඩියට උනාට විශාල සම්මාන උළෙලක් ලෙස පැත්තවීමට තීරණය කරලා තියෙනවා. ඒ Raigam SoMe AWARDS 2019 කියලා. එය ඇගයීමට ලක්විය යුතු කරුණක්. එහිදී ජනප්‍රියතම ෆේස්බුක් පිටුව,  ජනප්‍රියතම YouTube චැනලය, සමාජ බලපෑම්කරු (influencer) සහ සමාජ මාද්‍ය පෞර්ශත්වය (Personality) කියන සම්මාන 04 සඳහා යෝජනා වෙලා තියෙනවා.

20200109Rathidu-2

සමාජ මාධ්‍ය තුළ පැවැත්ම ගැන අදහස?

සමාජ මාධ්‍ය තුළින් තමයි මගේ බ්‍රැන්ඩ් එක සහ මගේ නම හදා ගත්තේ. ඒ වුණාට මගේ එකවුන්ට් එක නැති වීමත් සමග ලොකුවට දැනෙන්න ගත්තා ස්ථීර පැවැත්මක් මේ තුළ තියෙනවාද කියන දේ. එකවුන්ට එක නැති වුණා සමගම මම අවුරුදු 03ක් තිස්සේ ගොඩනගා ගත් හැමදේම එකපාර තැනි වුණා. ඒ වගේ පසුබිමක් තුළ පැවැත්ම කියන එක ගැන කුකුසක් ඇති වුණා. මට හිතෙන විදිහට සමාජ මාධ්‍ය තුළ දිගටම පවතින්න නම් සමාජ මාධ්‍ය අඩිතාලමක් කරගෙන වෙන වෙන පැතිවලට දොරවල් ඇර ගන්න ඕනේ. කතාවක් කියනවානේ &එක මල්ලේ බිත්තර ඔක්කෝම දාන්න එපා* කියලා. තමුන්ගේ දක්ෂතා තැන් තැන් වලට යෙදෙව්වාම එක පැත්තක් නැති වුණාම තියෙන අවධානම සහ බලපෑම අඩුයි. සමාජ මාධ්‍ය කියන එකම විතරක් මත පදනම් වෙලා නැතුව ඒක අඩිතාලමක් කරගෙන අනිත්පාරවල් ටිකට දොරවල් ඇර ගන්න එක කර ගන්න ඕනේ කියන පණිවුඩය මම අනිත් අයටත් කියනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

 

20200109Rathidu-1