එහෙම සම්බන්ධයක් ඇත්තටම තියෙනවා නම් කවදාවත් මම ඒ දේ කෙලින් කියන්න බය වෙන්නෙ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200120Manike-1

නිතරම විහිළුවෙන් තහළුවෙන් හිනා වෙලා ඉන්න ඇය බොහොම විනෝදකාමී රංගන ශිල්පිනියක්. මිතුරු මිතුරියන් සමග විනෝද වෙන වෙලාවට වගේම රූපවාහිනි වැඩසටහනකට සහභාගි වුණාම වේග රිද්මයේ ගීත ගායනා කරලා හැමෝටම සතුටක් ගෙන දෙන ඇයගේ ප්‍රියතම ගීතය අනිත්‍ය මෙනෙහි කිරීමට සමත් බොහොම සරල එකක්. ඇය තමන් කැමතිම ගීය ගැන සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසින්.

ඔබ වැනි විනෝදයට බර ශිල්පිනියක් මෙවැනි ගීතයකට පෙම් බැඳීම පුදුමයට කාරණයක් වෙනවා?

පුදුම වෙන්න දෙයක් නැහැ. අපි කවුරු වුණත් තැනට ඔබින විදියට වගේම අවස්ථාවේ හැටියට තමයි හැසිරෙන්න කතාබහ කරන්න ඕන. සිංදුවක් කියලා විනෝද වෙද්දි සරල ගීතයක් කියල එතන තියෙන විනෝදය නැති කරන්න මම ඉදිරිපත් වෙන්නෙ නෑ. එවැනි අවස්ථාවල මම නෝනෙ මගෙ සුදු නෝනේ වැනි ගීත පවා ගායනා කරලා තියෙනවා. ඒත් නිදහසේ නිස්කලංකව ඉන්න වෙලාවට මම වැඩියෙන් රසවිඳින්නෙ මේ ගීතය අහලා.

සදාකාලික නොවූ ලෝකේ ගීතය ඔබේ හදවතට දැනෙන්නෙ මොන විදියටද?

බොහොම සරලව වගේම පැහැදිලිව බෞද්ධ දර්ශනයේ එන සියලූ දේ අනිත්‍ය බව මේ ගීතයෙන් කියවෙනවා. අහන අහන වාරයක් පාසා මගේ හිතටත් ඒ අනිත්‍ය බව දැනෙනවා.

මේ හරහා නැවත නැවතත් කියවෙන්නේ ප්‍රේමයේ පරාජිත බව නේද?

මම දකින විදියට ප්‍රේමයේ පරාජිත බවවත් විරහවවත් නෙමෙයි මේ ගීතයෙන් කෙනෙකුට කියන්නෙ. අපි සදාකාලිකයි කියලා ආදරේ කළාට එය සදාකාලික නෑ කියන එකයි.

ඔබේ ජීවිතේට සමීප සම්බන්ධයක් තිබෙන නිසා මේ ගීතයට ඇලූම් කරනවා කිව්වොත්?

එහෙම සම්බන්ධයක් ඇත්තටම තියෙනවා නම් කවදාවත් මම ඒ දේ කෙලින් කියන්න බය වෙන්නෙ නෑ. මේ ගීතයේ තියෙන වගේම මම දකින විශේෂය තමයි මේ ලෝකෙ උපත ලබපු හැම ගැහැනියකට වගේම පිරිමියෙකුට එක හා සමාන සම්බන්ධයක් තිබීම. මේ ගීතය ඒ තරම් අර්ථපූර්ණයි.

මේ ගීතය ඔබේ ප්‍රියතම ගීතය බව සුනිල් එදිරිසිංහයන් දන්නවද?

මම හිතන්නෙ නෑ. ඒත් ඔහු හමුවුණ අවස්ථාවක මම කියල තියෙනවා ඔයාගේ මේ සිංදුව මමත් කියනව කියලා.

ඒ අවස්ථාවේ ඔහු මොනවද කිව්වෙ?

බොහොම ළෙන්ගතු විදියට හිනා වෙලා ඔලූව වැනුවා. මම හිතන්නෙ ඒ ඔහු අකැමැත්තක් නැති බවයි ප්‍රකාශ කළේ.

20200120Manike-2බැරි වෙලාවත් ඔහු අකැමැති වුණා නම්?

මම හිතන්නෙ නෑ කලා ක්ෂේත්‍රයේ සහෝදරෙයෙක් වගේ බොහොම ළඟින් ඇසුරු කරන ඔහුගේ ගීතයක් මම කියනවට අකැමැති වේවි කියලා. මම ආදරය කරන ගායන ශිල්පියකුගේ නැත්නම් ශිල්පිනියකගේ ගීතයක් ගයන්නෙ ඒ ගීතයට වගේම කියන කෙනාටත් ආදරේ නිසා. එහෙම නැතුව ඒ අයව අපහසුවට පත් කරලා මුදල් උපයන්න නෙමෙයි. කොටින්ම කියනවා නම් එවෙලෙ විනෝදෙට.

මෙය යුග ගීතයක් ලෙස ගයන්න සුනිල් එදිරිසිංහයන් ඔබට ආරාධනා කළොත්?

ඒ ආරාධනය පිළිගෙන හොඳින් පුහුණු වෙලා ගායනා කරනවා.

ඒ කියන්නෙ ඔබ දැනට ඒ ගීතය ගායනා කරන්නෙ පුහුණුවකින් තොරව කියලද?

මැණිකේ අත්තනායක කියන්නෙ රංගන ශිල්පිනියක් මිසක ගායිකාවක් නෙමෙයි. ඒ වුණාට යම් ප්‍රමාණයකට ගීත ගැයීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළ මට ගීතයක් තාලයට කියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒත් මම කිව්වෙ එය මට ලැබෙන විශේෂ ආරාධනයක් එහෙම නිසා ඩුවට් එක ඔහුත් එක්ක කියන්න පුහුණු වෙනවා කියනවා එකයි.

මේ ගීතයේ කොටස් අතර ඔබේ සිත් ගත් කොටස නම් කළොත්?

‘‘එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදා කාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ’’

සදාකාලික නොවුණ නම් ලෝකය තුළ එදා දැකපු ඔබව අද මට දකින්න නැහැ. එවන් වූ අස්ථිර ලෝකයක දිවිගෙවෙන අපි සදාකාලිකව පෙම් බඳින්නෙ කොහොමද කියන එක තමයි බොහොම අලංකාර විදියට ඒ පද පේලි හරහා අර්ථ ගන්වලා තියෙන්නෙ.

"දිවයින"
ධම්මික හේවාවසම්

20200120Manike-3