“සිනමා කතිකාව” 2020 පළමු වැඩසටහන ජනවාරි අග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන ලරනු ලබන “සිනමා කතිකාව” නම් වැඩසටහනේ 2020 වසරේ පළමු අදියර පැවැත්වීමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව “සිනමා සෞන්දර්ය” යන මාතෘකාව යටතේ වැඩසටහන පැවැත්වෙන්නේ ජනවාරි 30 වැනිදා පස්වරු 3ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී ය.

එදින දේශන සහභාගිත්වය චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු  සහ චිත්‍රපට විචාරක එරන්ද මහගමගේ විසිනි.

ඇකඩමි සම්මානයට පාත්‍ර වූ “Her” සිනමාපටය, කතිකාවට සමගාමිව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

සිනමා කතිකාවට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

වැඩිදුර විමසීම් 0112 585721  

20200127Cinema-1