‘පෝරිසාදයා’ ලබන 18 වැනිදා පුංචි තියටර්හිදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2013 වසරේ පැවැති යෞවන නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම රංගනය (පිරිමි), හොඳම රංගනය (කාන්තා) සහ හොඳම රංගාලෝකකරණය ඇතුළු ප‍්‍රධාන සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ‘පෝරිසාදයා’ නාට්‍යය ලබන 18 වැනි දින සවස 03.30ට සහ 06.30 බොරැල්ල නාමෙල් මාලිනි පුංචි රඟහලේදී වේදිකාගත වේ.

ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද බූර්’ නාට්‍යයේ සිංහල පරිවර්තනය ලෙස මීට වසර කිහිපයකට පෙර නිෂ්පාදනය වූ මෙම නාට්‍යය, පාලිත අබේලාල් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද්දකි. මධ්‍යම පාන්තික සමාජය වෙළාගත් පුහු වික්ටෝරියානු සදාචාරය හමුවේ පසුකාලීනවද එම සමාජ සහ සංස්කෘතික තත්ත්වයන් ආරක්‍ෂා කර ගැනීමට සහ පවත්වා ගනීමට උත්සහ කිරීම තුළ එම චරිත පත්වන ඛේදනීය තත්ත්වය හාස්‍යමය ආකාරයෙන් නිර්මාණය කර ඇති ‘පෝරිසාදයා’, මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් පරිවර්තනය කරන ලද්දකි.

විශාල  පේ‍්‍රක්‍ෂක අවධනායක් දිනා ගැනීමට සමත් නිර්මාණයක් වූ මෙම නාට්‍යය, ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් වන අතර රංගනයෙන් සුනෙත් ශාන්ත, රොනිකා චාමලී, රාසයියා ලෝගනාදන්, ඉනෝකා ලංකාපුර, සෙල්වරාජ් ලීලාවතී, සරත් බනගල දායක වෙති.

2015 වසරේ පැවැති කල්කටා අන්තර්ජාතික RITHWIK නාට්‍ය උළෙලේදීද ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට ‘පෝරිසාදයා’ නාට්‍යය සමත් විය.

මාලන් විදානපතිරණ

20200210Drama-120200210Drama-2