අපි වෙනස් ‘The Voice Teens’ අලුත් යෞවනයේ වරලත් හඬ සංග‍්‍රාමය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොව වැඩිම පිරිසක් නරඹන තාරුණ්‍යයේ රියැලිටි වැඩසටහන වන ‘The Voice Teens’ හි නිල වරලත් අයිතිය ලබාගත් සිරස ටීවී ‘‘අපි වෙනස්’ අලුත් යෞවනයේ වරලත් හඬ සංග‍්‍රාමය පසුගිය සෙනසුරාදා (08දා) සිට රාත‍්‍රී 07.30ට විකාශය වීමට ආරම්භ විය.

ලෝකය පුරා රටවල් 180කට වැඩි ගණනක පුහුණුකරුවන් 400කට අධික සංඛ්‍යාවක් සමගින් දස දහස් ගණනින් ලෝකය හඳුනන ගායක ගායිකාවන් රැසක් මෙම ජාත්‍යන්තර වැඩසටහන හරහා ලොවට හඳුන්වා දී ඇති අතර තරග වට කිහිපයක් යටතේ එනම් Blind Auditions, Coaches' Rounds, Battle Rounds, Cross Battle Rounds සහ Grand Finale යන තරඟ වට යටතේ තරඟාවලිය පැවැත්වෙන අතර අවසාන ජයග‍්‍රාහකයා අවසන් මහා තරගයේදී තෝරා ගැනීමට නියමිතය.

‘The Voice Teens’ වැඩසටහනෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ලබන්නේ ප‍්‍රවීණ ගායක ගායිකාවන් වන අශාන්ති ද අල්විස්, සනුක වික‍්‍රමසිංහ, දුමාල් වර්ණකුලසූරිය සමග රයිනි චාරුකා වන අතර වැඩසටහන මෙහෙයවන්නේ ප‍්‍රවීණ නිරූපණ ශිල්පිනී ස්ටෙෆ්නි සිරිවර්ධනයි.

දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ ඉදිවුණු විශේෂ මැදිරියක සිට විකාශය කෙරෙන ‘The Voice Teens’ රියැලිටි වැඩසටහන එහි ප‍්‍රමිතිය තහවුරු කරනු වස් විදේශීය නිරීක්ෂක මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ රූගත කෙරේ.

 

ක්‍රිෂාන් රණසිංහ

20200210Voice-1 20200210Voice-2 20200210Voice-3