දුක නැතිකරන බේත සංගීතයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200213Nilupa-(1)

යුද හමුදා තූර්යවාදක කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පිනී නිලූෂා ජයතුංග තම උපන් හැකියාවන් ඔප්නංවා ගනිමින් තමන් කැමති වෘත්තියකින් ජීවිතය ජය ගන්නට හැකිවන්නේ නම් එය භාග්‍යයකි. නිලූෂා ජයතුංග ද එවැන්නියකි. යුද හමුදා තූර්යවාදක කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පිනියක ලෙසින් තම වෘත්තීය ගමන ආරම්භ කළ ඇය අද වන විට තමාගේම ගීත හතක් පමණ ගායනා කිරීමට තරම් වාසනාවන්ත වී ඇත.

අපි ඇය සමග කතා කළෙමු.

අද වන විට මාගේම ගීතවලින් තුනකට පමණ රූප රචනා කරලා තියෙනවා. එක් ගීතයක් සඳහා රූප රචනා කළේ කොරියාවේදී. එය මා ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයක්.

මා සංගීතයට යොමු වන්නේ පාසල් අවදියේ සිටම. මා ඉගෙන ගත්තේ කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයෙන්. පාසලේ සංගීත ප‍්‍රසංගවලට සහභාගීවීමේදී එදා මා විශේෂ කැපී පෙනෙනා කෙනෙක් වුණා, ඒ මා තුළ තිබූ දක්ෂතාවය නිසාම. මගේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ සිරස රූපවාහිනියේ සිරස සුපර්ස්ටාර් සීසන් වන් රියැලිටි වැඩසටහනට සහභාගිවීම. එම රියැලිටි වැඩසටහනේදී මා අවසන් වටයේ 24 දෙනා අතරට ආවාම ඒ හරහා ලැබුණු ජනප‍්‍රියත්වය, අද මා ඉන්න තැනට එන්න විශාලම රුකුලක් වුණා. මා විසින් ගායනා කිරීමට යෙදුණේ ආදර ගීත.

මා ගායිකාවක් ලෙසට ගොඩක් ආසයි සුජාතා අත්තනායක මහත්මියගේ, ලතා වල්පොල මහත්මියගේ සහ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත ගායනා කිරීමට. ඔවුන්ගේ හඬට සමාන හඬක් මටත් තිබෙන බව බොහෝදෙනා කියනවා.

අද වන විට මා සංගීතයෙන් දිගු ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගැන සැබෑවටම සතුටුයි. අද මා දරු තිදෙනෙකුගේ මවක්. මගේ ආදරණීය ස්වාමියා යුද හමුදා තූර්යවාදක කණ්ඩායමේ සුසිත් කුමාර ලියනවත්ත.

මා නිතරම හිතන දෙයක් තමයි සංගීතය කියන්නේ දෙවියන් මට දුන්න තෑග්ගක් කියලා. දුකේදී දුක නැතිකරගන්න වගේම සැපතේදී සතුට වැඩිකරගන්න සංගීතයට තියෙන ශක්තිය හරිම අපූරුයි.

 

අසුන්තා එදිරිසූරිය

20200213Nilupa-(2)