රිදී තිරය හැඩකරන අක්කයි නංගියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සිනමා තිරයෙන් පේ‍්‍රක්ෂක ඔබට මුණ ගැහෙන පුංචි තරු දෙපලක් ගැන කතා කරන්නට සිතුවා. මේ අක්කා නගෝ දෙපල අපට මුණ ගැහෙන්නේ මේ දිනවල තිරගත වන නවතම සිනමා නිර්මාණ ද්විත්වයකින්. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන සුනාමි හරහා ප‍්‍රභා සහ ශෂි ගේ ප‍්‍රධාන චරිත තුළින් මුණගැහෙන ඇය මෙනාරා වීරතුංගයි. සිංහල සහ දමිල මවුපියන් යුවළක් අයිතිවාසිකම් කියන ශෂි සහ ප‍්‍රභාගේ චරිතයෙන් අපූර්ව වූ රංගනයක යෙදෙන මෙනාරා මේ සිනමාවට දායක වන දෙවැනි අවස්ථාවයි.  සුනාමියෙන් අක්කා සිනමාවට එනවාත් එක්කම නැගණියත් සුජිව ප‍්‍රියාල්ගේ සුපර්ණා හරහා සිනමාවෙන් මේ දිනවල එකතු වෙනවා. ඇය කෙනාරා වීරතුංගයි.

 

20200213Monara-(3)අපි අක්කාගෙන්ම කතාබහ පටන් ගමුකෝ. කොහොම මේ දවස් වල මෙනාරාගේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර?   

ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ ප‍්‍රතිචාර එක්ක මට රඟපාන්න තියෙන ආසාව තවත් වැඩිවෙනවා.

 

මෙනාරට කොහොමද සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ?

මුලින්ම සෝමරත්න දිසානායක මමාගේ සරිගම චිත‍්‍රපටය ළමයි ගන්නවා කියලා දවසක් පත්තරේ දැන්වීමක් තිබුණා. ඊට පස්සේ අම්මි කතා කරහම තිර පරීක්ෂණයට එන්න කිව්වා. එදා තිර පරික්ෂණයට මායි නංගි (කෙනාරායි* අපි දෙන්නම ගියා. සරිගම චිත‍්‍රපටයේ කැප්ටන්ගේ දරුවෝ 7 දෙනාට නංගියි මමයි දෙන්නම එදා තේරුණා. සරිගම චිත‍්‍රපටයේ මගේ චරිතය වුණේ කුමුදු. ඒත් සරිගම චිත‍්‍රපටයේ රූගත කිරීම් වලට ගිය දෙවැනි දවසේ නංගි රඟපාන්න බෑ කියලා හොඳටම ඇඬුවා. එයා එතකොට ගොඩක් චූටියි.

ඊට පස්සේ දවසක් සුනාමි චිත‍්‍රපටයෙත් තිර පරික්ෂණයක් තියෙනවා. මට එන්න කියලා සෝමේ මාමා කතා කළා. එදා ළමයි 100ට වැඩිය තිර පරික්ෂණයට ඇවිත් හිටියා. ඒ අතුරින් පස් දෙනෙක් තෝරා ගත්තා. පස්සේ ඒ පස් දෙනා අතරිනුත් මාව තෝරා ගත්තා කියලා මට එන්න කිව්වා. මේ චිත‍්‍රපටයේ දමිළ පවුලේ මගේ චරිතය ප‍්‍රභා. සිංහල පවුලේ ශෂි විදියට තමයි මම රඟපාන්නේ.

 

මෙනාරාගේ රංගනයට පාසල් යාළුවෝ මොකද කිව්වේ?

පාසලේ යාළුවෝ ගුරුවරු විදුහල්පතිතුමා මේ සියලූම දෙනා රූගත කිරීම් වලට යන්න, අතපසු වුණු පාඩම් වැඩ කරන්න ලොකු සහයෝගයක් දුන්නා. යාළුවෝ ගුරුවරු ඔක්කොම චිත‍්‍රපටය නරඹලා තිබුණා. හැමෝම ලස්සනයි. හොඳට රඟපානවා කියලා කියනවා. රූගත කිරීම් වලට ගියා කියලා මම පාසල් වැඩ අතපසු කර ගත්තේ නැහැ. රූගත කිරීම් අතරතුර විවේකයක් ලැබෙන වෙලාවල් වලදී මම පාසල් වැඩ කර ගත්තා.

 

සුනාමි අත්දැකීම මෙනාරාට කොහොමද දැනුණේ?

සුනාමි චිත‍්‍රපටයේ හැම සිදුවීමක්ම මට අලූත් අත්දැකීමක්. සුනාමි එනකොට මම ඉපදිලත් නැහැ. මේ ෆිල්ම් එකෙන් මම සුනාමි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මේ චිත‍්‍රපටයේ සමහර දර්ශන මගේ හිතට ලොකු වේදනාවක් ගෙන දුන්නා.

මම උපදින්නේ වෙන පවුලක, හැදෙන්නේ තවත් පවුලක අම්මලා දෙන්නෙක් මාව බෙදා ගන්න බැරුව අයිතිවාසිකම් කියන සමහර දර්ශන වලදි ඇත්තටම මට එහෙම වුනා නම් මගේ අම්මයි තාත්තයි මාව ඉල්ලලා කොච්චර අඬාවිද කියලා නිතර හිතුණා.

20200213Monara-(4)

මෙනාරා කැමති නිළියක් වෙන්නද?

රඟපාන්න ගොඩක් ආසයි. ඒත් ඒක මම කරන්නේ විනෝදාංශයක් විදියට. විතරයි. මගේ අරමුණ කවදා හරි විද්‍යාඥවරියක් වෙන්න. අභ්‍යාවකාශ තොරතුරු සහ ලෝකයේ අලූත් තොරතුරු සොයන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම මම මළල ක‍්‍රීඩා අංශයෙනුත් රන් පදක්කම් ජයග‍්‍රහනය කරලා තියෙනවා.

රංගන කටයුතු ක‍්‍රීඩා අමතර දේවල් කරාට පාසල් වැඩ අතපසු කර ගන්නේ නැහැ.

 

අක්කයි නංගියි දෙන්නම රඟපානකොට මොකද හිතෙන්නේ?

මුලින්ම කියන්න  ඕන සෝමරත්න මාමගේ චිත‍්‍රපටයකින් ආවේ නැති වුණත් නංගිවයි මාවයි අපි දෙන්නම හැමෝම අඳුරගත්තේ සෝමේ මාමා නිසා. අපි දෙන්නම රඟපාන චිත‍්‍රපටි එක ළඟ තිර ගත වුණා. ඒ ගැන හරිම සතුටුයි. විශේෂයෙන් මුලින්ම සරිගම රඟපාන්න බෑ කියලා අඬපු නංගි සුපර්ණා චිත‍්‍රපටියේ රඟපානවා දැක්කාම ගොඩක් සතුටු හිතුණා.

 

අක්කම කියන්නකෝ පවුලේ විස්තර ටිකක්?

අම්මයි, තාත්තියි, නංගියි, මමයි තමයි පවුලේ ඉන්නේ. තාත්ති පෞද්ගලික ආයතනයක රැුකියාව කරනවා. අම්මා ගෘහනියක්. අම්මිගේ නම පූර්ණිමා ජිවන්දරගේ, තාත්තා ගෙහාන් වීරතුංග. නංගියි මමයි දෙන්නම ඉගෙන ගන්නේ කැලණිය විදුර කොලේජ් එකේ.

 

කෙනාරා කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා.

20200213Monara-(5)

වැඩියෙන්ම දඟ කරන්නේ අක්කද නංගිද?

අපෝ දඟ නෑ. මම හොඳයි.

 

සුපර්ණා රඟපාන්න ගිහිල්ලා ඇඬුවේ නැද්ද?

නැහැ. දැන් මම ලොකුයිනේ.

සරිගම ෆිල්ම් එකෙන් පස්සේ චාමර සේලාර මාමා මාව වෙළඳ දැන්වීමකට ගත්තා. ඒකෙන් තිබුණ බය ඇරුණා. ඊට පස්සේ චාමර කතා කරලා කිව්වා. දුලිකා නැන්දිගේ ෆිල්ම් එක ගැන. පස්සේ අම්මි මාව එක්ක ගිහින් දුලිකා නැන්දිට පෙන්නුවම දුලිකා නැන්දි මාව ගන්න කැමැති වුණා. හරියට මගේ පස්වැනි උපන් දිනය දවසේ සුපර්ණා වෙනුවෙන් මම හිසමුඩු කළා. මුලදි කොණ්ඩෙ කපනවා කිව්වම දුක හිතුණා. ඊට පස්සේ සුජීව ප‍්‍රියාල් මාමා මට කතාව කියලා දුන්නා. භීම සහ පෘථීවි සම්භවය තියෙන අයගේ කොණ්ඩෙ  නැහැ කියලා. දුලිකා නැන්දිත් හිස මුඩු කරපු නිසා මම කැමති වුණා.

 

කෙනාරා දැන් කීය වසරෙද ඉගෙන ගන්නේ. ?

දැන් මම ඉන්නේ 3 ශ්‍රේණියේ මට දැන් වයස අවුරුදු අටයි.

 

දිගටම රඟපාන්න කැමතිද?

අම්මගෙයි තාත්තිගෙයි තීරණ අනුව තමයි රඟපාන්න වෙන්නේ. මම චන්ද්‍ර වීරමන්  මාමගේ අලූත් චිත‍්‍රපටයක රඟපෑවා. දිගටම රඟපාවිද කියලා කියන්න බැහැ.

 

සුපර්ණා කතාව කියලා දුන්නම කෙනාරට මොකද හිතුණේ ?

මම හරිම ආදරෙයි. ගස් වලට සතුන්ට. මේ චිත‍්‍රපටයත් පරිසරය ගැන කතා කරන එකක් නිසා ආස හිතුනා. පරිසරය සත්තු ගහ කොළ දවසින් දවස අපට නැති වෙලා යනවා. ඒ ගැන මට හරිම දුකයි.

මම මගේ උපන්දිනේට උත්සව තියනවට කැමති නැහැ. එදාට අම්මට කියලා රසට බත් උයලා පාරේ ඉන්න පූසන්ට බල්ලන්ට කන්න දෙනවා. ලේන්නුන්ට කුරුල්ලන්ට පළතුරු ගෙනත් දෙනවා. එයාලගේ් බඩ පිරුණෝත් තමයි අපෙත් බඩ පිරෙන්නේ. මගේ මුළු ලෝකෙම තමයි සත්තු.

අක්කයි. මායි දෙන්නම රඟපාන කොට ගොඩක් ආස හිතෙනවා. හරිම සතුටුයි. සෝමරත්න මාමා, රේණුකා නැන්දි, දුලිකා නැන්දි, සුජීව මාමා, චාමර මාමා පාසලේ ගුරුවරු, යාළුවෝ අක්කිටයි, මටයි ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ සියලූ දෙනාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා.

 

නදීශා අතුකෝරළ

20200213Monara-(1)