ලංකාවේ මිනිස්සු තාම හිතන්නේ ලෞකික දේවල් ගැන මිසක් ආධ්‍යාත්මික දේවල් ගැන නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200219Erik-(6)අයර්ලන්ත චිත්‍ර ශිල්පී එරික් ඩුහාන් 

තම සිතුවම්කරණය සඳහා ශ්‍රී ලාංකේය සංස්කෘතිය සඳහා නැඹුරු කර ගත් අයර්ලන්ත ජාතික එරික් ඩුහාන්, හමුවීමට පසුගියදා අපට අවස්ථාව උදාවිණ. පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය ඔහු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට සමත් වූ අතර ඒ ඔහු මූණුපොතේ පළ කළ ඉතා සංවේදී සිතුවම හේතුවෙනි. දැඩි කතාබහකට ලක්වූ මෙම සිතුවම් සමග ඔහු මීට පෙර උනන්දු නොවූ රසික පිරිස්ද ඔහු වටා එක්රොක් වන්නට වූ අතර ශ්‍රී ලංකාව සමග අපූරු කලාත්මක ගනුදෙනුවක නිරත වන ඔහු සමගින් කතාබහක යෙදීමට අපද සිතුවේ එබැවිනි. 

“ මගේ පවුලේ හැමෝම කලාකරුවෝ. අනෙක අපේ රටේ අතීතය ගත්තත් හරියට ලංකාව වගේ. පෞරාණික බවින් අනූනයි. ඒත් ශ්‍රී ලංකාව කියන්නේ සියවස් ගණනාවක් පැරැණි රජවරු රජ කළ, ස්වාමීන් වහන්සේලා වැඩවාසය කළ රටක්. දූපතක් විදිහට ගත්තමත් පසුගිය අවුරුදු දෙදහස තුළම මේ රටේ මිනිස්සු විවිධ සංස්කෘතික ආක්‍රමණ මැද වුණත් තවමත් එකට ජීවත් වෙනවා. අපේ රටත් එහෙමයි. ඒ නිසයි මමත් මේ රටට එන්න හිතුවේ ඒ අපූර්වත්ය දකින්න.* 

ඔබේ ආසියාතික ගනුදෙනුව කොතනින්ද ආරම්භ වෙන්නේ ?

මගේ සීයා කාලයක් තිස්සේ ඉන්දියාවේ කටයුතු කළ රාජකීය යුද සෙබළෙක්. මගේ පුංචි කාලේ ගත්වෙන්නෙත් ඉන්දියාව සමග. මම ඒ කාලෙ ඉඳන්ම ඡායාරූපවලින් දැක්කා ඉන්දියාවේ තියෙන ලස්සන. කලාත්මක බව. ඓතිහාසික පසුබිමක් ඇති ස්ථූප, පොත් ඇසුරු කරන්නත් ඒ කාලෙම අවස්ථාව ලැබුණා. මම ඒ කාලේ වැඩිපුරම කළෙත් ඒවා පරිශීලනය කිරීම.

ඒත් ඔබ නාවික චිත්‍ර ශිල්පියෙක් ?

ඔව්. මම කැමැති සංචාරයට. සංචාරක චිත්‍ර ශිල්පියෙකු වීම තුළ තමයි මගේ හැකියා දියුණු වුණේ. ඒත් ප්‍රංශයේ ශාන්ත මාලේ නගරය තුළ මටත් තියෙනවා මගේම කලාගාරයක්. ගාලු කොටුව වගේ නොවුණත් එම කලාගාරය පිහිටා තියෙන්නෙත් හතර වටේම බිතු සිතුවම් ඇතුළත් දූපතක් තුළ. චිත්‍රාගාරයකුත් මට දැන් තියෙනවා. මොකද මම දැන් ජීවත්වෙන්නේ ප්‍රංශයේ.

ලංකාවට ආදරය කරන්න පටන් ගත්තේ කවද ඉඳන්ද ?

පසුගිය අවුරුදු දහය තුළම යුරෝපානු සංචාරකයෝ ඉතා ඉහළින් වර්ණනා කළ රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා මමත් හිතුවා මගේම චිත්‍ර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පවත්වන්න ඕනි කියලා. ඒ අනුව තමයි මම පේදුරුතුඩුවේ සිට දෙව්න්දරතුඩුව දක්වා ඇවිදින්න පටන් ගත්තේ. ආදම්ගේ පාලම හරහාත් ඇවිද්දා. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ තියෙන ලස්සන ක්‍රීඩාංගණ මම දැක්කා. හැටන් උද්‍යානය දැක්කා. ඒවා දැක්කම මට හිතුණේ මේ රට නම් මට රූප උල්පතක්ම කියලයි. ඒ අනුව තමයිමම දිය සායම් මාධ්‍යයෙන් මේ කටයුත්ත මුලින්ම ආරම්භ කළේ. ඒ තරමටම මට ඉවසුම් නැතිවුණා. මොකද මට ඕනි කළේ පැරැණි සහ නව්‍ය යන්න එකිනෙකාට යාව පිහිටි සන්නිධානය නිරූපණය කිරීමටයි. මොකද මම දැකල තියෙනවා නුවර මහා පෙරහැරේ පවතික සංස්කෘතික අංග. ඒවායේ පවතින ශෝභාඅලංකාරය සහ වර්ණවල අපූර්වත්වයත් ආස්වාදජනකයි. නර්තනයේ යෙදෙන, සංගීතයේ යෙදෙන ශිල්පීන් පවා එහෙමයි. ඒවා නරඹන නව යෞවන යෞවනියොත් මගේ විශේෂ අවධානයකට ලක් වුණා. මොකද ඔවුන් කළේ පෙරහැර නරඹනවා වෙනුවට ජංගම දුරකතනවලට රැවීම. කොහොම වුණත් මෑතකදිත් මම මගේ වරකාපොළ ජීවත්වෙන මිතුරෙකුගේ නිවසකට විශාල බිතු සිතුවමක් නිර්මාණය කළා. කුඩා රබර් වත්තක,තේ වත්තක සහ ධීවර ගම්මානයකත් බිතු සිතුවම් තුනක් නිර්මාණය කළා.

20200219Erik-Cat

ලංකාවේ සංස්කෘතිය ගැන මොකද හිතෙන්නේ?

හුඟක් පොහොසත්. එහි දැනීම හරි ගැඹුරුයි. මම අහල තියෙනවා නිර්මල බුදු දහම ලෝකයට බෙදාහරින්නෙත් ශ්‍රී ලංකාව කියලා. ඒත් ඒ දර්ශනය ගැන මීට වඩා දැනගෙන ඕනි ඒ ගැන කතා කරන්න.

ශ්‍රී ලාංකේය කලා භාවිතය ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන කතා කරන්න නම් මම කල් වැඩියි. මොකද මම තාම ඉන්නේ එහි පළමු ස්ථරය කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම ඉදිරියේදී ශ්‍රී ලාංකේය ඉතිහාසය, භාෂාව හා සංස්කෘතිය ගැන මීට වඩා හැදෑරිය යුතුයි.

ලංකාවේ මිනිස්සු ගැන මොකද හිතෙන්නේ ?

හරිම සංකීර්ණයි. ඔවුන් මිත්‍රශීලියි.අපූරුයි. එහෙම තමයි පේන්නේ. ඒත් ඇත්ත තත්ත්වය ගත්තම ඔවුන්ගේ හිත් ඊටත් වඩා සංකීර්ණයි. ඔවුන්ට ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඔවුන් තාම හිතන්නේ තමන්ගේ ලෞකික දේවල් ගැන. ආධ්‍යාත්මික දේවල් ගැන නෙමෙයි. අනික උතුරේ සිට දකුණ දක්වාම ජීවත් වෙන මේ ජනතාව ඉල්ලන්නේ සාමය සහ සෞභාග්‍යය පිරි හෙටක්. ඒත් ඔවුන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාර ඒ ප්‍රාර්ථනා බොඳ කළා. ඔවුන්ගේ හිත්වල තවමත් ඒ තුවාල තියෙන්නේ මේ නිසා. මගේ නිර්මාණකරණයට ඔවුන්ගේ සමාජ ක්‍රියාකාරකම් පාදක වෙන්නේ මේ නිසා.

පසුගිය දිනවල රැල්ලක් බවට පත්වුණු වීදි චිත්‍ර කලාව ගැන මොකද හිතෙන්නේ?

මම දැක්කා විවිධ කණ්ඩායම් මෙහි යෙදෙනවා. නිර්මාණ හුඟක් ලස්සනයි. හැබැයි හැමෝගෙම නෙමෙයි. ඒත් ඔවුන්ට තියෙනවා හොඳ ස්වදේශික ඇසක්. මම හිතන්නේ ඔවුන් තමන්ගේ දක්ෂතාවය මුවහත් කර ගත යුතුයි.

- මාලන් විදානපතිරණ

20200219Erik-(1) 20200219Erik-(2) 20200219Erik-(3) 20200219Erik-(4)