“විෂම භාග” නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ සම්මානයෙන් පිදුම් ලබ යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ (NIFF) ප්‍රධානතම තරගකාරී අංශය ලෙසට සැලකෙන “World Panorama- International Feature Competition" නම් අංශය නියෝජනය කළ ලලිත් රත්නායකගේ “විෂම භාග” සිනමාපටය ඊයේ (17) දින ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.   

තුන්වැනි වරට සංවිධානය කළ නේපාල අන්තර්ජාතික සිනමා උලෙළ පෙබරවාරි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුණි.    

ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිනි රත්නායක, පන්සිළු සහ පංකජ “විෂම භාග” සඳහා රංගනයෙන් දායක වී තිබේ.

ලලිත් රත්නායක තිර රචනයෙන් ද, පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, චාමර රුවන්තිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත පූර්ණවංශ වේශ නිරූපණයෙන් ද “විෂම භාග” සඳහා සිය දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය ශ්‍රද්ධා ෆිල්ම් විසිනි.   

ඡායා : අනෝමා රාජකරුණා ෆේස්බුක් ගිණුමෙන්

20200219Wishamabaga-1 20200219Wishamabaga-2