“වෙඩි නොවදින ළමයි” ජගත් මංගල දර්ශනය 12වැනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“හෝ ගානා පොකුණ” සිනමාපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම සිනමා සිත්තම “වෙඩි නොවදින ළමයි” 12 වැනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය වන “ආසියානු සිනමාව” නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව බංග්ලාදේශය, ඉරානය, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය, කසකස්තානය යන ආසියානු කලාපිය රටවල් 6ට අයත් සිනමාපට 13ක් සමඟින් “වෙඩි නොවදින ළමයි” සිනමාපටය තරග වැදීමට නියමිත ය.

සිනමා උලෙළ පෙබරවාරි 26 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර දී පැවැත්වේ.

රටවල් 60කින් ඉදිරිපත් කළ සිනමාපට 200කට අධික ප්‍රමාණයක් සිනමාශාලා 14ක ප්‍රදර්ශනය කිරීමට මෙවර උලෙළේ දී කටයුතු යොදා තිබේ.

“වෙඩි නොවදින ළමයි”

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි සිනමා නිර්මාණය වන “වෙඩි නොවදින ළමයි" සඳහා අනුසුයා සුබසිංහ, කලණ ගුණසේකර, සේතිකා ගුණසිංහ, ස්ටෙෆාන් තිරිමාන්න, හේමසිරි ලියනගේ, ජයලත් මනෝරත්න, දයාදේව එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස් ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් රංගනයෙන් එක්වී තිබේ.

තිර රචනයෙන් ඉන්දික ෆර්ඩිනැන්ඩු සහ පියල් කාරියවසම්, කැමරාකරණයෙන් දිමුතු කාලිංග දහනායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු රණේපුර, ශබ්ද පරිපාලනයෙන් සශික රුවන් මාරසිංහ, පසුබිම් සංගීතයෙන් නදීක වැලිගොඩපොළ සහ තිලංක ගමගේ, කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මහවඩුගේ, අංග රචනයෙන් බුවනෙක රණවක, ඇඳුම් නිර්මාණයෙන් වසන්ති අල්විස්, නිෂ්පාදන කළමනාකරණයෙන් මධුරංග ජාගොඩ සිනමාපටයට දායක වී ඇත.

“වෙඩි නොවදින ළමයි” නිෂ්පාදනය Deep Motion Pictures විසිනි.

20200220Bullet-1