ප්‍රවීන ටෙලි අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර දිවියෙන් සමුගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද (20) උදැසන සිය ජිවිතයෙන් සමුගෙන තිබේ.

චක්‍රායුධය, මහතලා හටන, පෑල දොරින්, කිරි අම්මාවරු, සඳ අහසට ආදරෙයි වැනි ටෙලි නාට්‍ය නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ හිටපු සභාපතිවරයෙක් ලෙසත් ස්වාධින රූපවාහිනී සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළේ ය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.  

20200220Anura-1