කොට්ට අරං “කොට්ට බබා” බලන්න එන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුවිඳු බිනෝයිගේ අධ්‍යක්ෂණයක් වන “කොට්ට බබා” තෙවැනි වරටත් මාර්තු 1 වැනිදා පස්වරු 6:30ට කොළඹ, මියුසික් මැටර්ස් හි දී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරසි සහිතව තිරගත කෙරෙන අතර එදින ආසන සීමිත බැවින් වේලාසන පැමිණ ස්ථානයක් වෙන් කරගන්නා මෙන් සංවිධායකයින් ඉල්ලා සිටි යි.

පමුදිත සෙන් අංජන, සමනලී ෆොන්සේකා සහ ඔෂාන් මධුශංක “කොට්ට බබා” සඳහා රංගන දායකත්වය සපයා තිබේ.

“ආ රා ධ නා ව යි!
මේ මාර්තු පළවෙනිදා 6:30ට මියුසික් මැටර්ස් එකේ
"KOTTA BABA | කොට්ට බබා (Pillow Talk)" තෙවෙනි වරට තිරගත කරනවා. අනිවාර්යයෙන්ම එන්න. ඉඩ සීමිතයි. ගානට වෙලාවට ඇවිත් තැනක් අල්ල ගන්න. බිම ඉඳගෙන සෙට් වෙලා ඇස් ලොකු කරන් බලන්න තියෙන්නේ. නිකම්ම බිම ඉඳගන්න අමාරුයි වගේනං කොට්ටයක් අරං එන්න.
අවම රුපියල් 200ක ඇතුල්වීමේ ගාස්තුවක් තියෙනවා එහෙමයි කියල වැඩිපුර නොදී ඉන්න හේතුවක් නෑ. බලල චැටක් දාල සොමියක් ගමු.”

20200225Kotta-1