මගේ ආලයේ ග්‍රැමෆෝන්” කාව්‍ය සංග්‍රහය අද එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මගේ ආලයේ ග්‍රැමෆෝන් තැටි හරි ම පරණයි පෙම්වතී

මගේ සාලයේ ඇන්ටික් ව ඇති තවත් එකමෙක මතකෙකී

ඇසෙන්නේ ඉන් දුබල හඬකි ය පණ අදිනු වැනි මිනිසෙකී

මගේ නූතන සාලෙ ලස්සන වඩවමින් පමණක් ඇති..”

 

නදුන් යසිත දසනායක විසින් රචිත “මගේ ආලයේ ග්‍රැමෆෝන්” කාව්‍ය සංග්‍රහය අද (26) දිනයේ දී ජනගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 3ට කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ය.

සුනන්ද කරුණාරත්න, ප්‍රියංකර නිවුන්හැල්ල, සුජීව සිරිමෙවන් එහිදී දෙසුම් පවත්වනු ලැබේ.

 “මගේ ආලයේ ග්‍රැමෆෝන්” කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උත්සවයට එක්වන මෙන් ඔබටත් ඇරයුම්!

 

20200225kavi-01