“සිනමා කතිකාව” 2020 වසරේ දෙවැනි අදියර පෙබරවාරි 27 වැනිදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කරනු ලබන “සිනමා කතිකාව” නම් වැඩසටහනේ 2020 වසරේ දෙවැනි අදියර පෙබරවාරි අග දී පැවැත්වේ.

ඒ අනුව “සිනමා අධ්‍යනය සහ ප්‍රේක්ෂකයා” යන මාතෘකාව යටතේ වැඩසටහන පැවැත්වෙන්නේ පෙබරවාරි 27 වැනිදා පස්වරු 3ට  ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී ය.

එදින දේශන සහභාගිත්වය චිත්‍රපට අධ්‍යක්ෂ සරත් ධර්මසිරි සහ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා විසිනි.

සංගීතමය හෝ ප්‍රහසන අංශය යටතේ හොඳම සිනමාපටය ලෙස මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන  දිනූ “Once Upon a Time in Hollywood” සිනමාපටය කතිකාවට සමගාමිව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

සිනමා කතිකාවට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

වැඩිදුර විමසීම් 0112 585721  

20200225Cinema-1