හඳගමගේ අලුත්ම සිනමාපටයේ රඟපාන්න අවස්ථාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වන සිනමාපටයක් සඳහා රංගනයෙන් සම්බන්ධ වීමේ අවස්ථාවක්, රංගන හැකියාවෙන් යුත් තරුණ, තරුණියන්ට උදා වී තිබෙනවා.

ඒ අනුව, වයස අවුරුදු 25ත් 33ත් අතර පසුවන උස 5’.7”ක්, ඉණ අඟල් 35ක් වූ පැහැපත්, පියානෝ වාදනයෙහි සමත් සහ ඉංග්‍රීසි බසින් රංගනයේ යෙදීමට හැකි තරුණයින්ට ද, වයස අවුරුදු 25ත් 37ත් අතර පසුවන, උස 5’.4”ක් වූ, පැහැපත්, සිහින් සිරුරැති, නර්තනයෙහි සමත් සහ ඉංග්‍රීසි බසින් රංගනයේ යෙදීමට හැකි තරුණියන්ට ද මේ සඳහා අයදුම් කළ හැකි ය.

එසේම සුළු චරිත සඳහා ද නළු, නිළියන් අවශ්‍ය කර ඇති අතර ඕනෑම වයසක පසුවන අයෙක්ට ඊට අයදුම් කළ හැකි ය.

අදාල සුදුසුකම් සපුරා ඇති නම්, මෑතකදී ගත් ඡායාරුප දෙකක් සමඟින් ඔබගේ විස්තර ඇතුලත් කෙටි සටහනක් iranthi.abeysinghe@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු අතර එම අයදුම්කරුවන් අතරින් තෝරාගත් පිරිස සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ඇත.

වැඩිවිස්තර සඳහා 0777 421123 දුරකථන අංකයට අමතන්න.   

20200226Ashoka-1