“ආකාස කුසුම්”, මෙවර ජාතික පුස්තකාල මිතුරෝ මාසික සිනමා දැක්මට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික පුස්තකාල මිතුරෝ මාසික සිනමා දැක්ම වෙනුවෙන් ප්‍රසන්න විතානගේගේ “ආකාස කුසුම්” සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

මෙම වැඩසටහන පෙබරවාරි 28 වැනිදා පස්වරු 3ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඇරඹේ.

මාලනී ෆොන්සේකා, නිම්මි හරස්ගම, දිල්හානි ඒකනායක, සමනලී ෆොන්සේකා, කෞශල්‍යා ප්‍රනාන්දු ප්‍රධාන චරිතවලට පණ පෙවූ “ආකාස කුසුම්” සිනමාපටය 2012 සාර්ක් සිනමා උලෙළේ දී හොඳම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර විය. එසේම එහි දැක්වූ රංගන කුසලතාවය වෙනුවෙන් ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා 39 වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළේ දී හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවා ය.  

“ආකාස කුසුම්” එච්.ඩී.ප්‍රේමසිරි සහ ශ්‍රීකර් ප්‍රසාද් නිෂ්පාදනය කි.

20200226Akasa-1