ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට 5ක් දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී අංශයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

3 වැනි වරටත් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී අංශයට ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට 5ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව තේරී පත්වූ චිත්‍රපට වන්නේ චන්දන ප්‍රසන්නගේ “A Democratic Proposal”,රොෂාන් එඩ්වඩ්ගේ “Wind Through the Holes”, ඩිමන් ජෝන්ගේ “Waves Interrupted”, හිලුෂ හේවාගමගේ “Testimony of Silence”, තරිඳු රාමනායකගේ “Weeping Angel” යන චිත්‍රපට යි.

දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළ මාර්තු 29 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටා හි දී පැවැත්වීමට නියමිත ය.

20200227Short-1