‘හේලී’ වලින් පස්සේ සමාධි අලුත් වැඩක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වූ ධනුෂ්ක රත්නායකගේ ‘හේලී’ ටෙලි නාට්‍යයේ' ‘නතාෂා’ චරිතයට පණ දුන් සුදීක්ෂා සමාධි පෙරේරා මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි. ඒ පිළිබඳව ‘සාරවිට’ අප සමග එක්වෙමින් ඇය පැවසුවේ මෙවැන්නකි.

‘හේලී’ ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් අවසන් වෙලා තියෙන නිසා මේ දිනවල මම තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.  ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඩිලාන් වික්‍රමකිර්ති අයියා. නිෂ්පාදනය කරන්නේ ගයාන් දිනේෂ් පෙරේරා. මෙහි මම නිරූපණය කරන්නේ වෙනස්ම විදිහේ චරිතයක්. කොල්ලෙක් වගේ ගතිපැවතුම් තියෙන තරුණියක් විදිහට තමයි මම මෙහි රඟපාන්නේ. මේ ටෙලි නාට්‍යයට අමතරව මම පසුගිය දිනවල ‘මනුසත්තු’ කියලා තවත් ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වුණා. මේ දවස්වල කොරෝනා වෛරස් එක හේතුවෙන් රටේ හැමෝම ගෙවල් වලට වෙලා කාලය ගත කරනව. ඉතිං මමත් එහෙමයි. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ පිළිබඳව ඉතාමත් ඕනෑ කමින් හිතලා කටයුතු කරන්න කියලයි.

20200323Samadhi-1