තාත්තාගේ තුන් මාසේ පිංකම ළඟයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ‘රැස්’, ‘හිරු ඇවිදින්’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන සංගීත් ප්‍රභු තරුණ පිරිස් අතර බෙහෙවින් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකි. සිය පියාගේ තුන් මාසේ පිංකමට සූදානම් වෙන සංගීත් ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැන්නකි.

තාත්තාගේ තුන් මාසේ පිංකම දැන් ළඟයි. ඒකට මේ දිනවල සූදානම් වෙනවා. නමුත්, ගැටළුවකට තියෙන්නේ තාත්තාගේ තුන් මාසේ පිංකමට සහභාගි වීම ගමේ පන්සලේ හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා. ඒ කාරණය නිසා ලොකු කණගාටුවකට පත් වෙලා ඉන්නේ මම. මගේ ගම මිහින්තලේ. කුරුන්දන්කුලම. තුන් මාසේ පිංකමට සහභාගි වෙන්න බැරි හේතුව හොයලා බැලුවම මට දැනගන්න ලැබුණේ පන්සලේ තිබුණ රැස්විමකට මගේ අම්මාට සහභාගි වෙන්න බැරිවුණ එක කියලා. ඇත්තටම, අපේ බුද්ධ ශාසනේ මේ තරම් පිරිහිලාද කියලා මේ කාරණයත් එක්ක මගේ හිතට දැනුණා.     

20200323Sangeeth-1