Covid 19 වෙනුවෙන් සටන් වදින, වෛද්‍යවරුන් හා හෙදියන් දිරි ගන්වන්න බැල්කනිවලට ගොඩ වුණු, බොලිවුඩයේ සුපිරි තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින්ට සිය කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන්, විනාඩි 10ක කාලයක් ශබ්ද නඟන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පිරිසට සහය දැක්වීම වෙනුවෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ඔවුන්ගේ බැල්කනිවල සහ වහලවල් මත සිට මෙසේ විනාඩි දහයක කාලයක් හඬ නැඟුවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා සිය නිවෙස්වලට කොටු වී සිටිනවා.

කෙසේ වෙතත්, බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් පවා මෝදිගේ ඉල්ලීම මත ඔවුන්ගේ සහය වෛද්‍යවරුන් හා හෙදියන් වෙනුවෙන් පළ කර ඇත්තේ මේ ආකාරයෙනුයි.

20200323Covid-120200323Covid-2 20200323Covid-4 20200323Covid-5 20200323Covid-6