රංගන ශිල්පී සංජයගෙන් පණිවුඩයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරොනා වසංගත තත්ත්වය නිසා මේ වනවිට මුළු ලෝකයම අකර්මණ්‍ය වෙලා තිබෙනවා. මේ නිසා අපේ රටේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සියල්ලම නැවතිලා තිබෙන්නේ. ඉතිං කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු හැමෝම මේ වෙද්දි අපි වගේම ගෙදරට වෙලා ඉන්නේ. ඉතිං මේ මොහොතේ නිවසට වෙලා ඉන්න කලා ලෝලීන්, රසිකයන්, වෙනුවෙන් නවක රංගන ශිල්පී සංජය මුරමුදලි සාරවිට අප හා සම්බන්ධ වෙමින් මෙලෙස අදහස් දැක්වූවා.

"සමහර වෙලාවට මේ දේ අපිට ලොකු කරදරයක් කියල හිතෙන්න පුළුවන්. ගෙදරට වෙලා ඉද්දි අපි හිර වෙලා කියල හිතෙන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න අපි මේ හිර වෙලා ඉන්නෙ අපි වෙනුවෙන්මයි. ඒ හින්දා මේ වෙලාවෙ අපි ගෙදරටම වෙලා ඉන්න එක තමයි හොඳම දේ.

මේ වෙලාවෙ හැමෝම ගෙදර ඉන්න. අඩුම තරමේ පැයකට සැරයක්වත් තමන්ගෙ අත් දෙක සෝදන්න. අනිවාර්යයෙන්ම ඇසුරු කරන අය අතරෙ පරතරයක් තියාගන්න. නිවසින් බැහැරට යන හැම වෙලාවෙම මුඛ ආවරණයක් පළඳින්න මතක තියාගන්න. ඇඳිරි නීතියට අවනතව අපි කටයුතු කරමු. මේ වෙද්දි අපේ හැම කාර්යයක්ම නැවතිලානේ තියෙන්නෙ. මේ අවස්ථාව පවුලේ උදවිය සමග ලෙංගතුව, කටයුතු කරලා ඔවුන් සමග ආදරය බෙදාගෙන සතුටින් ඉමු. මේ ලැබුණු අවස්ථාවේ නිවසේ, ගෙදර දොරේ, ගෙවත්තෙ වැඩ කටයුතු කරන්න අපිට පුළුවන්.

ඒ වගේම අපි වෙනුවෙන් මේ අවස්ථාවේ කටයුතු කරන සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට අපි අපේ සහයෝගය ලබා දෙමු. ඒ වගේම අපේ රටට, මේ ලෝකයට මේ වෙලා තිබෙන ව්‍යසන තත්ත්වය ඉක්මනට නැති වෙලා නැවත අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හැකි වාතාවරණයක් ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා."

කැලුම් දේවින්ද

20200327Sanjaya-1