මේ මහා වසංගතය ලොවින් තුරන් කිරීමට ඔබගේ සහයෝගය නොපමාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇති වී තිබෙන කොරොනා වසංගතය හේතුවෙන් මේ වනවිට ලංකාවම තිබෙන්නේ ඇඳිරි නීතිය යටතේයි. ඉතිං ඇඳිරි නීති සමයේ සිය රසිකයන් පිනවීමට කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් විවිධ කලා වැඩ සිදුකරනවා.  බොහෝ දෙනෙකු ආදරය කලාකාරිණයක් වන අමිලා නදීශානි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

"ආදරෙන් කියන්න ඕනා. හැමෝම එකට එකතු වී යුතු අවස්තාවක්. එහෙම කිව්වට එකට එකතු වෙලා රංචු ගැහැහිලා විසඳිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි මේ. අපි එකතු වෙන්න ඕනේ අපේ රට වෙනුවෙන් අපෙ නිවසේ වෙසෙන අපේ පිරිස අපි ආරක්ෂා කරගෙන රට ආරක්ෂා කරමු කියන එක කියන්න ඕනා. අපේ රටට නොයෙකුත් වසංගත පැමිණෙනවා. නමුත් මේ අතී දුෂ්කර අවස්ථාවක්. අප ලඟ සිටින මොන කෙනා අසනිපෙන් ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. මොකද රටේ සමහරු උදවිය අවබෝදයක් නැතුව ක්‍රියා කරන විදිහ දැක්කාම ඇත්තටම කල කිරෙනවා. මොකද තමන්ගේ ශරීරයේ අසනීපයක් නැති වුණත් තමන් පසුගිය දවස්වල ගියේ කොහොද ඇසුරු කලේ කවුරුන්ද යන දේ පිළිබඳව හොද අවබෝධයක් තිබිය යුතුයි. ඒ හැමදේම නොරහසක්ම තමාව බලා කියා ගන්නා අයට කියන්න අමතක කරන්න එපා. මේ වගේ අවස්තාවක් අපට උදාවෙන්නේ නැහැ ආයේ. මේක බරපතල අවස්ථාවක් හැටියට අපි නම් අවස්ථාව අරගෙන තියෙනවා. කලාකරුවෝ හැටියට අපි විතරක් නෙමෙයි. හැමෝම රුපියල් 25ක් වත් උපයාගත නොහැකි අවසථාවක ඉන්නේ. නමුත් ඒ පිළිබඳව කිසිම අවස්ථාවක හිතන්නේ නැතුව. දැඩි උවමනාවෙන් තමන්ගේ දරුවන්, සහෝදර සහෝරියන්, දෙමාපියන් දැඩිව ආරක්ෂා කර ගන්න. අපේ පුංචි රටක්. අපි පොඩි දෙනය ඉන්නේ. තමන්ගේ ඇඟේ මේ රෝගය තියෙනවාද නැද්ද කියලා දැන ගන්න පුළුවන් තමන්ට විතරයි. ඒ නිසා. තමාට ඒ අසනීප තත්ත්ව ඇති වේ යැයි සැකයක් තියෙනවා නම්. අනිවාර්යෙන්ම ඔබ හා ඉන්න කෙනෙකුට පවසලා ස්වයං නිරෝධානයට ලක්වෙලා අපේ රට බේර ගමු කියලා ආදරයෙන් ඉල්ලනවා."

20200401Amila-1