ප්‍රංශයේ අපේ සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගෙන් සොබාදහම රැකගැනීමට සෙලා කරලියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෙෂාන් ප්‍රනාන්දු ගේ නවතම කෙටිචිත්‍රපටය නිර්මාණයවී ඇත්තේ කාලානුරූපී මාර්තුකාවක් වන මිනිසා හා පරිසරය පිළිබඳවයි. අනාගත ලොව දකින පුංචි දැරියක් වටා දිවයන කතාවක් වන මෙය අප සැමට ඉතා සමීප වන්නේ සොභාදහම් මාතාව ඇයගේ සුරධූතයක් එවා මේ මනුස්ස දුව හමුවී ඇයට මේ මනුසත්වයා විසින් සිදුකරමින් යන පරිසර දූෂනයෙන් ලොව බේරා ගැනීමටනම් කුමක් කලයුතුද යන්න වටහාදීමට දරන උත්සාහය හරහා අපසැමට ඉතා අපූරු පණිවිඩයක් අප නොසිතන පැතිකඩකින් ඉදිරිපත් කර තිබෙනවා.

ලොවම මේවනවිට මුහුනපා ඇති වසංගත තත්වය හමුවේ පරිසරය රැකගැනීම ගැන වඩාත් අවධානයට යොමුවිය යුතු කරුණක් බව ලොවෙහි අවධාන යොමුව ඇති මොහොතක ඉතා කෙටි විනාඩි කීපයක්තුල සොබාදහම හා මිනිසා අතර ඇතිවියයුතු ඒ අනාගත සංවාදය හමුවේ හෙටදින ලොව බාරගැනීමට සිටින අපේ මේ මිනිස් පරපුරට දෙන ඔවදන ඉතාමත් ආස්වාදජනකයි.

ලොව ජනප්‍රිය අපි කවුරුත් හදුනන නිකොන් සමාගම 10 වන වරටත් සංවිධානය කරනලද නිකොන් ෆිල්ම් ෆෙස්ටිවල් 2020 හට තේරී පත්වීමම මෙම නිර්මාණයේ සාර්ථකත්වය ලද ජයග්‍රහනයක් ලෙස සැලකිය හැකි අතර එහි ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමත් මහත් වූ අභිමානයක්.

මේ සඳහා ප්‍රංශයේ සම්මානනීය ළමා නිලියක් වන රෙෂාන් විසින්ම තිරයට හදුන්වාදුන් මාර්ලෝ ත්‍රොපේ ප්‍රධාන චරිතය වන සෙලා ට පණපොවන අතර තවත් ප්‍රසිද්ධ ළමා නලුවෙක් වන ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් කුවින් ළමා සුරධූතයාගේ චරිතයට පණපොවනවා.


ඒවගේම මෙහි දුෂ්‍ය ප්‍රයොග සියල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුෂ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු හා ත්‍රිමාන ස්ජීවීකරණ ශිල්පියකු වන ග්‍රේෂන් කුලරත්න විසින් නිමවී තිබීමත් විශේෂත්වයක්.

තවද මය නවතම ඇපල් අයිෆොන් දුරකතනයක් මගින් ස්ම්පූර්ණයෙන්ම පටිගත කර තිබෙනවා.

ලොවවටා සම්මාන උළෙලවල් කීපයකටම තරගවැදීමට බලාපොරොත්තුවන් සිටින සෙලා හි පූර්ව ප්‍රචාරකපටය නැරබීමට දැන් ඔබටත් අවස්තාව උදාවී තිබෙනවා.