‘ශක්ති’ට ලැබෙන රසික ප්‍රතිචාර ඉහළයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දකින සංගීත් ප්‍රභු මෑත කාලයේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ වඩාත්ම කතා බහට ලක්වූ යොවුන්  රංගන ශිල්පියෙකි. එකි නෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ ඔබේ ආදරය දිනාගත් සංගීත් ඉදිරියේදීද ටෙලි නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට නියමිතය.

මම රංගනයෙන් දායක වෙන ‘සල්මල් ආරාමය’, ‘රැස්’, ‘හිරු ඇවිදින්’ හා ‘පළිඟු පියාපත්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍යය අතරින් ප්‍රේක්ෂකයෝ ගොඩ දෙනෙක් කතා කරන්නේ ‘රැස්’ ටෙලි නාට්‍යයේ ‘ශක්ති’ කියන චරිතය. මේක මගේ සැබෑ ජීවිතේට ගොඩක් සමාන චරිතයක්. නර්තනය හදාරන තරුණයෙක් නළුවෙක් වෙන්න ගන්න උත්සාහයක් තමයි මේ චරිතය තුළ දිග හැරෙන්නේ. ඇත්තටම මේ චරිතය කරන්න මටත් ලොකු පහසුවක් වුණා. මොකද මම නර්තනය හදාරපු කෙනෙක් හින්දා.

 

20200401Sangeeth-1