දමිත්ගේ මුරුංගා වගාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළු ලංකාවම මේ මොහොතේ ඇඳිරි නීතිය යටතේ පාලනය වන නිසා කලාකරුවනුත් මේ වනවිට තමන්ගේ නිවෙස්වලට වෙලා කාලය ගත කරනවා. බොහෝ කලාකරුවන් මේ කාලයේදී විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වන බවත් අපට දකින්න ලැබුණා. කෙසේවෙතත් ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංකත් මේ කාලය තුළදී එළවළු, පලතුරු වගා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ ඔහු පදිංචි වී සිටින ගම්මානයට වෙලා. 

දමිත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ඔහු වගා කල මුරුංගා පලදාවෙහි ඡායාරූප කිහිපයක් සමගින් 'හෙට වෙනුවෙන් අද වවමු' යනුවෙන් සඳහන් කොට තිබෙනවා. ඉදිරි කාලයේදී ලංකාවට ඇතිවිය හැකි ආර්ථික හිඟයට මෙය නියම  විසඳුමක් කියල තමයි දමිත්ගේ රසිකයන් පවසා සිටින්නේ.

කැලුම් දේවින්ද 

20200404Damith-1 20200404Damith-2 20200404Damith-3