තිරය පිටුපස ඉන්න පිරිස වැඩියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රවීන්ද්‍ර විජේරත්න

අපි නිර්මාණය කළ හුස්මක් තරමට, සහ ඔබ නිසා නාට්‍ය දෙක පෙබරවාරියෙදි අවසන් වුණා. මාර්තු 25 ඉඳලා අපි අලුත් නිර්මාණයක් පටන්ගන්න සියලු කටයුතු සූදානම් කරලයි තිබුණෙ. ඒ සියල්ලට සූදානම්න වෙමින් රූගත කිරීම් පටන්ගන්න තිබියදී තමයි මේ වසංගතය ආවේ. මේ නිසා ටෙලි නිර්මාණයක් වටා බැඳී සිටින විවිධ අංශවල බොහෝදෙනා දැඩි ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දීලා සිටින්නෙ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අපි තිරයේ දකින පිරිසට වඩා තිරය පිටුපස සිටින පිරිස වැඩියි. මේ අය වැඩ කළොත් විතරයි මුදල් ලැබෙන්නෙ. ඒ හැර ඔවුනට වෙන කිසිම ආදායමක් නැහැ. බැංකුවකින් ඒ අයට ණය මුදලක් ගන්නවත් බැරි, නිදහස් පදනම යටතේ වැඩ කරන අය නිසයි. ඒ වුණාට මේ අය ලීසිං හෝ බැංකු වලින් පුංචි ණය මුදලක් හරි ලබාගෙන සිටින අය. හැබැයි දැන් ඒවා ගෙවන්න විදියකුත් නැහැ. පුද්ගලිකව ගත්තොත් පෙබරවාරියෙන් පසුව මුදලක් මට ලැබිලා නැහැ. අපි වැඩකළොත් විතරයි නිෂ්පාදකවරු අපට ගෙවන්නෙ.

ඒ නිසා මේ ව්‍යසනය දිගටම ගියොත්, ටී.වී. නාලිකා එක්ක සාකච්ඡා කරලා අවම පිරිසක් සහභාගී කරවාගෙන, නියමිත සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අනුගමනය කරමින්, ක්‍රමවේදයක් සකසාගන්න සිද්ධ වෙනවා. එළැඹෙන කාලයේදී අනෙක් අයගේ වෘත්තීන් පටන්ගන්න විදියටම ඒ නීති රෙගුලාසි යටතේ, ආරක්ෂාව උපරිමයෙන් රැකගෙන නැවත මේ කටයුතු ඇරඹීම කළ යුතු වෙනවා.​

සඳුන් ගමගේ

20200521Ravindra-1